Breaking News
Home / Gossip / මෛත්‍රී – මහින්ද සමගි කිරීමට ශ්‍රිලනිපයේ මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂයට ඉල්ලයි

මෛත්‍රී – මහින්ද සමගි කිරීමට ශ්‍රිලනිපයේ මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂයට ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් සමගි කරවීමට නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂයට ලබාදිය යුතු බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌  ඊයේ (23 දා) පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරයකුට මහලේකම් තනතුර ලබාදීම සඳහා වන ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරි දින කිහිපය තුළදී යොමු කිරීමට ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක්‌ කටයුතු කරමින් සිටින බව එම ප්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බෙදී වෙන්වී ගියහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණය පරාජය වීමට ර්‍ජුවම එය හේතුවක්‌ විය හැකි නිසා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර මහලේකම් තනතුර ඒකාබද්ධ විපක්‍ෂයට ලබා ගැනීම එම මන්ත්‍රීවරුන්ගේ උත්සාහය වී තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close