Breaking News
Home / Gossip / ICC කුසලානයෙන් කොදෙව්වෝ ඉවතට.(කාල සටහන / කණ්ඩායම් ලැයිස්තුව)

ICC කුසලානයෙන් කොදෙව්වෝ ඉවතට.(කාල සටහන / කණ්ඩායම් ලැයිස්තුව)

පන්දුවාර විස්ස ලෝක කුසලානය සහ පන්දුවාර 50 ලෝක කුසලානයට පසුව ICC චැම්පියන් කුසලානය වැදගත්ම තරගාවලියක් ලෙස සැලකේ.

1998 වර්ෂයේ ආරම්භ වු මෙම  ICC චැම්පියන් කුසලාන තරගාවලිය මෙ වන තෙක් සත් වතාවක් පවත්වා තිබේ.

1998 වරෂයේ සිට 2006 වරෂය වනතෙක්    මෙම තරගාවලිය වසර දෙකකට වරක් පැවති අතර  2006 වර්ෂයෙන් පසුව මෙම තරගාවලිය වසර 04කට වරක් පැවීත්වීමට අනත්ර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තිරණය කලේය.

2013 වර්ෂයේ එංගලන්තයේදි අවසන් වරට පැවති චැම්පියන්ස් තරගාවලිය ජයගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මීළග ICC චැම්පියන් කුසලාන තරගාවලිය ලබන 2017 වර්ෂයේ එංගලන්තයේ පැවැත්වීමට නියමීත අතර මෙහිදි  2015 සැප්තැම්බර් 30 වන දිනට එක්දින තරග ශ්‍රේණිගත කිරීමවල සිටි මුල් කණ්ඩායම් අට ක්‍රීඩා කිරීමට නියමීතය.

එ අනුව එම දිනට මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනු ලැබු  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීමවල 09 වන ස්ථානයේ රැදී සිටි හෙයින් ඔවුන්ට මෙම තරගාවලි නියෝජනය අහීමී වී ඇත.

එසේම එම දිනට එක්දින ශ්‍රේණිගත කිරීමවල අට වෙනි ස්ථානය රැදී සිටි බංග්ලාදේශ කණ්ඩායමට මෙම තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව හිමීව ඇත.

2017 ජුනි මස 01දින සිට ජුනි 18 වනතෙක් පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායම්  A සහ B ලෙස කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වේ.

එම කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා හොඳම කණ්ඩායම් හතර අර්ධ අවසන් පුර්ව වටයට තරගවදින අතර ඉන් ජය ලබන කණ්ඩායම්  දෙක අතර ජුනි 18 එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී අවසන් මහා තරගය පැවැත්වීමට නියමීතය.

ICC චැම්පියන් කුසලානය තරගාවලියට තෝරාගෙන ඇති කණ්ඩායම් 8 ලැයිස්තුව හා තරග කාල සටහන් අකෘතිය පහතින්.

ලැයිස්තුව

එංගලන්තය
ශ්‍රී ලංකාව
ඉන්දියාව
පාකිස්තානය
ඕස්ට්‍රේලියාව
දකුණු අප්‍රිකාව
නවසීලනත්ය
බංග්ලාදේශය

අකෘතිය

ICC-2 (1)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close