Breaking News
Home / Gossip / තුන්කොන් සංවාදයකින් අවසන් වුණු අර්ජුන් මහේන්ද්‍රගේ අවසන් පැය 72!

තුන්කොන් සංවාදයකින් අවසන් වුණු අර්ජුන් මහේන්ද්‍රගේ අවසන් පැය 72!

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාට එරෙහිව නැගෙන දූෂණ වංචා සහ ඔහුට එරෙහිව නැඟෙන ජනමතය හමුවේ යහපාලනය ගොඩනගන බවට ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙයට දේශපාලන බල තුලනය තීරණාත්මක ලෙස මැදිහත් වීම ඊට එක් හේතුවක් වී ඇත.

 දිගින් දිගටම සිවිල් සංවිධාන ඇතුළු යහපාලනය වෙනුවෙන් කැප වූ සංවිධානත් විද්වතුන් ඇතුළු වෘත්තිකයින්ගේ ඉල්ලීම්වලට සවන් දීමට සිදුව ඇත. එසේම මහ බැංකු අධිපතිවරයාට එරෙහිව වන රුපියල් බිලියන ගණනක් රට අහිමි කළ බැඳුම් කර චෝදනා පැහැදිලිව කරුණු සහිත ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා පසුගියදා රාත්‍රීයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහෙත් එහිදී අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති අතර පසුව අගමැතිවරයා ඔහුගේ සමීපතමයා වූ අර්ජුන් මහේන්ද්‍රන් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසා ඇත්තේ, ඔහුට ආරාධනා කොට මෙම තනතුරට ඔහුව පත්කරන ලද්දේ තමන් නිසාවෙනි. ඒ අනුව මීට පැය කිහිපයකට පෙර දීර්ඝ දුරකථන සාකච්ඡාවකින් අනතුරව අවසානයේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ගෞරවාන්විතව ඉල්ලා අස්වීමක් ලබාදෙන මෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගෙන් ඉල්ලා ඇත. එය දෙපාර්ශවයේම ගෞරවය සහ හොඳහිත ආරක්ෂා කර ගැනීමට පිටිවහලක් වනු ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවර වී ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තම සේවා කාලය නිමා වීමට පැය 72 ක් තිබියදී එම තීරණය ගනු ඇතැයි වාර්තාවේ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නැඟුණු දූෂණ-වංචා චෝදනා ලැයිස්තුව

01) වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා, වර්ෂ 2015 ජනවාරි 08 වන දා පිහිටවූ යහපාලන රජයේ, මුඛ්‍ය වටිනාකම්වලට හා ප්‍රතිපත්තිවලට ඉඳුරා ප්‍රතිවිරුදධව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා රජයට හා එහි ජනතාවට, පිළිවෙලින් රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක් වර්ෂ 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද, වසර 14 ක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී ද ඉන්පසුව ඊට එරෙහිව ඇති වූ මහජන විරෝධය නොතකමින් වර්ෂ 2016 මාර්තු මස 29 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී ද රජයට හා එකී ජනතාවට රුපියල් කෝටි 7000 ක් හෙවත් රුපියල් බිලියන 07 ක අක්‍රමිකතාවයක් සිදු කිරීමට සෘජුව හා / හෝ වක්‍රව සම්බන්ධවී මූල්‍යමය හා ප්‍රතිපත්තිමය අක්‍රමිකතා සිදු කිරීම.

02) එකී අක්‍රමිකතාවය සිය බෑණනුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතාට හිමි ෆර්ෆෙට්‍රල් ට්‍රෙෂරීස් නැමති සමාගමක් සමග වංක සහයෝගයෙන් යුතුව කටයුතු සිදු කිරීම.

03) අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන තත්ත්වයක් තුළ, මහ බැංකුවේ අධිපති ධුරය දැරිය හැකි රාජ්‍ය නිලධාරියෙක් ලෙස, තම කාර්යය අවංකව, සද්භාවයෙන් හා කාර්යක්ෂමව සිය රටට හා ජනරජයට ඉටු කිරීමට ඔහුට ඇති නොහැකියාව ජනිත කොට තිබේ. ඒ නිසාම ආණුඩු ක්‍රම ව්‍යවස්ථාවේ 61 වන වගන්තිය යටතේ 04 වන උපලේඛනය යටතේ ශ්‍රී ලාංකික ජනරජය ආරක්ෂා කිරීමේ දිවුරුම ලබාදීමට නීතිය ඉදිරියේ නොහැකියාවක් ජනිත කොට තිබීම.

04) පසුගිය වසර එකහමාරක කාලයක් තුළ, ඔහු දැනට දරන සිංගප්පූරු පුරවැසිභාවය ඉවත දමා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීමට හැකියාවක් තිබියදී වර්තමාන රජය ද මෙරටේ ජනාධිපතිවරයා ද නොමග හරිමින් නිවැරදි නොවන වීසා තත්ත්වයක් යටතේ මහ බැංකු අධිපතීත්වය දැරීමට කටයුතු කිරීම.

05) රටේ මහ බැංකුවේ අධිපතීත්වය දරමින්, විදේශීය මූල්‍ය සමාගම් රැසක සාමාජිකත්වය දරමින්, ආදායම් ඉපයීම. එමගින් මූල්‍ය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම.

06) මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව, රජය සඳහා ණය ලබාගැනීමේදී අනුගමනය කරමින් සිටි ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය හා සෘජු ස්ථාපන ක්‍රමවේදය උල්ලංඝනය කරමින්, රජයට ණය ලබාගැනීමේදී ප්‍රාථමික ගණුදෙනුකරුවන් හා මූල්‍ය වෙළඳපොළ ප්‍රමුඛතම ක්‍රියාකාරීන් හට, පොලී අනුපාත අයථා අන්දමින් හැසිරවීමට ඉඩ ලබාදෙමින් එකී ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට හා මූල්‍ය වෙළඳපළ ප්‍රමුඛ ක්‍රියාකාරීන්ට, අයුතු ධනවත්වීමට හැකියාවක් සහිත වාතාවරණයක් ඇති කිරීම.

07) තෝරාගත් ප්‍රාථමික ගණුදෙනුකරුවන් හා මූල්‍ය වෙළඳපල ප්‍රමුඛතම ක්‍රියාකාරීන් කොටසක් අයුතු ධනවත් කරවීම අරමුණු කර ගනිමින් බැඳුම්කර වෙනේදේසීන් තුළ ඔවුන්ගේ ඒකාධිකාරිය තහවුරු කරනු වස් රජය සතු සුවිශාල අරමුදලක් වන සේවක අර්ථසාධක අරමුදල, බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු ලෙස ක්‍රියා කිරීම, චේතාන්විතවම වැළැක්වීම.

08) තමන් විසින් තෝරාගත් ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අනීතික ලෙස ලබාදුන් බැඳුම්කර, ද්විතීක වෙළඳපළ තුළ සේවක අර්ථ සාධක අරමුදලට විකිණීමට සලස්වා, සේවක අර්ථසාධක අරමුදලට චේතනාන්විතවම අලාභ සිදු කිරීම.

09) මෙකී සියලු අක්‍රමික ප්‍රතිපත්ති තීන්දු තීරණ මූල්‍ය පනත යටතේ පිහිටුවා ඇති ඉහළම ආයතනය වන මූල්‍ය මණ්ඩලයට නොදන්වා එහි අනුමැතියෙන් තොරව ක්‍රියාකත්මක කිරීම.

10) පසුගිය මාස 14 ක කාලය තුළ දින 140 ක් විදේශගත වෙමින් මහ බැංකුවේ කාර්යයන් කාර්යක්ෂමව හා ඵලදායක ලෙස ඉටු කිරීම චේතනාන්විතවම හා නොසැලකිලිමත් ලෙස අතපසු කර තිබීම.

11) මහ බැංකුවේ අධිපති තනතුර අවභාවිත කරමින් රාජ්‍ය මූල්‍ය අපහරණය කිරීම. 28 වතාවක් විදේශ ගතවීම සඳහා ද රට තුළ පදිංචිවී නොසිටිය ද (සිය පවුල සංගප්පූරුවේ පදිංචිව සිටීයි.) නිල නිවාස දෙකක් නඩත්තු කිරීමට ද, විදේශ සංචාරවලදී අධි සුඛෝපභෝගී හෝටල්වල නැවතී සිටීම සඳහා ද රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් සඳහා ද මහ බැංකුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද මුදල් සීමා නොතකමින් රාජ්‍ය මූල්‍ය හිතුවක්කාරී ලෙස ද අයථා ලෙස ද වියදම් කිරීම.

Copied By-http://sinhalanews.readsrilanka.com/

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close