Breaking News
Home / Gossip / Breaking News : විදුලිය බිඳ වැටීම ගැන හදිසි සාකච්ඡාවක්

Breaking News : විදුලිය බිඳ වැටීම ගැන හදිසි සාකච්ඡාවක්

දිවයින පුරා සිදුවූ හදිසිි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) පෙරවරු 10 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා ප‍්‍රකාශ කළේ දහවල් 12 ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවයි.

අධික විදුලි ඉල්ලුමක් පවතින අවස්ථාවකදී මෙවැනි බිඳවැටීමක් සිදුවූ විට එය යථා තත්වයට පත් කිරීමට තරමක් අපහසු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා. 
ඉකුත් සමයේ සිදුවූ විදුලි බිඳවැටීම්වල වගකීම භාරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳවද නෙත් නිවුස් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ වගකිවයුත්තන් කවුරුන්ද යන්න සොයා බැලීමට පෙර විදුලි බිඳවැටීම් වලට හේතුව නිසිපරිදි සොයා ගතයුතු බවයි.

කෙසේවෙතත් සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සඳහන් කළා. 

ඊයේ (13) සිදුවූ මෙම විදුලි බිඳවැටීම කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා. 

ඉකුත් සමයේ සිදුවූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මේවන විටත් කමිටු 03ක් පත් කර තිබෙනවා. එම කමිටු 03න්ම ඊයේ (13) සිදුවූ විදුලි බිඳවැටීම පිළිබඳවද විමර්ෂන සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close