Breaking News
Home / Tech / අප්‍රෙල් වල එන තවත් සුපිරි ගේම් එකක්

අප්‍රෙල් වල එන තවත් සුපිරි ගේම් එකක්

2011 දී ආපු පට්ටම action game එකක් ඒකේ කතාවට පදනම් උනේ වර්තමාන තත්ත්වය අනුව උනත් අනාගතයේදී ඇති වෙන්න පුලුවන් යුද්ධයක් වන Greater Korean Republic ,Greater Korean Republic කියන්නේ Homefront පලවෙනි game එකේ කතාවේ හැටියට,2012 දී උතුරු කොරියාවේ නායකයා වෙලා හිටිය Kim Jong-il ගේ මරනයෙන් පස්සේ උතුරු කොරියාවේ නායකයා විදියට පත්වෙන්නේ Kim Jong-il ගේ පුත්‍රයා වන Kim Jong-un එයා උතුරු කොරියාවේ නායකයා විදියට පත් වෙලා ටික දවසකින් උතුරුකොරියාව සහ දකුනු කොරියාව කියන රටවල් 2ම එකතු කරලා
Greater Korean Republic කියන රට හදනවා ඉතින් මේ Greater Korean Republic සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇතිවන යුද්ධය තමයි මේ game එකේ main story එක වෙලා තියෙන්නේ ඉතින් මේ game එකේ Publisher වෙන්නේ Deep Silver ඒ වගේම තමයි Homefront මුල් game හදන්න use කරලා තිබ්බේ Unreal Engine 3 කියන game engine එක නමුත් Homefront: The Revolution game එක හදන්න use කරලා තියෙන්නේ CryEngine කියන game engine එකේ අලුත්ම version එක, කට්ටියට මතක ඇතිනේ CryEngine එකේ වැඩකෑල්ල crysis game series එකම හැදුවේ ඕකෙන් තමයි ඒ කියන්නේ game එකේ graphics නම් ඉතින් සුපිරියටම ඇති Homefront: The Revolution game එක Release කරන්න plan කරලා තිබ්බේ මේ අවුරුද්දේ අවසාන කාර්තුවේ නමුත් 2016 පලමුවන හෝ දෙවන කාර්තුව දක්වා ඒක කල් ගිහින් තියෙනවා. මේ game එක pc වලට වගේම PlayStation 4, Xbox One වගේම Linux සහ Mac වලටත් Release කරන්න plan කරලා තියනවා

Homefront කලින්ආපු game එකේනම් open world ගතියක් තිබ්බේ නෑ නමුත් Homefront: The Revolution එකේ ඒ ගතිය ගතිය නැතිකරලා game එක open world First-person shooter game එකක් විදියට දියුනු කරලා තියනවා මේ game එකේ කතාව පටන් ගන්නේ 2029 ඒ කියන්නේ Homefront මුල් game එකේ සිද්දි වලින් අවුරුදු 2ට පස්සේ Homefront මුල්
game එක ඉවර වෙන්නේ ඇමරිකාවේ San Francisco නගරය GKR එකෙන් (Greater Korean Republic) බේරගත්තට පස්සේ ඒ ජයග්‍රහණයත් එක්ක ඇමරිකාවේ ප්‍රදේශ කීපයක් GKR එකෙන් බේරගන්න කැරලි කරුවන්ට හැකි වෙනවා නමුත් ඒ බොහෝම ටික කාලයකට විතරයි නැවත GKR එකේ හමුදාව විසින් ඇමරිකානු කැරලිකරුවන්ව බොහෝම දරුනු විදියට සමූලඝාතනය කරලා ඒ ප්‍රදේශ යලි අත්පත් කරගන්නවා ඒවගේම GKR හමුදාව විසින් Philadelphia කියන නගරයත් අත්පත් කරගන්නවා (මේ නගරයේ තමයි ඇමරිකානු කැරලිකරුවන්ගේ ආරම්භය සිදුවුනේ) මේ නගරය GKR එකේ හමුදාව විසින් අත්පත් කරගත්තට පස්සේ GKR එක මේ නගරය ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය බවට පත්කරගන්නවා ඒ වගේම තමයි
GKR එක විසින් Philadelphia නගරය කලාප 3කට වෙන් කරනවා ඒ තමයි

Red Zones- මේ කලාපයේ කිසිම නීතියක් නෑ දැනට GKR හමුදාව විසින් අත්පත්කර නොගත් ප්‍රදේශ red zones විදියට හදුන්වනවා

Yellow Zones-මේ කලාපයේ තමයි ඇමරිකානු ජනතාව ජීවත්වෙන්නේ මේ කලාපය GKR හමුදාව විසින් අත්පත්කර ගෙන තියෙන්නෙ ඒවගේම තමයි මේ කලාපයේ ජීවත්වෙන ඇමරිකානු ජනතාව පිලිබද GKR එක හොද විමසිල්ලෙන් ඉන්නේ

Green Zones – මේ කලාපය නිලවශයෙන් පාලනය කරන්නේ GKR හමුදාව විසින් ඒවගේම තමයි මේ කලාපයේ ජීවත්වෙන්නේ GKR එකට පක්ෂපාතී ඇමරිකානු ජනතාව සහ GKR එකේ නිලධාරින්

අපිට game එකේ GKR හමුදාවට ගහන්න තියෙන්නේ තියෙන්නෙ ගරිල්ලා සටන් ක්‍රමයට (ඒකියන්නේ ගහලා දුවන්න තියෙන්නෙ grin emoticon grin emoticongrin emoticon )
ඒවගේම තමයි game එකේ අපිට play කරන්න ගොඩක් stronghold missions තියනවා ඒ කියන්නේ farcry එකේ වගේ එහෙම තියන කඳවුරු අත්පත්කරගන්න සටන් කරන missions.ඒවගේම තමයි GKR හමුදාව විසින් use කරන්නේ බොහොම දියුනු අවි ආයුධ නමුත් අපිට ඒව use කරන්න බෑ ඒ weapons GKR හමුදාවට විතරක් use කරන්න පුලුවන් විදියට fingerprint-locks දාලා තියෙන්නේ නමුත් අපිටත් හොද weapons use කරන්න තියනවා අපිට use කරන්න තියෙන weapons modify කරන්නත් පුලුවන් game එකේ side missions වල තියෙන්නේ GKR හමුදාවේ උසස් නිලධාරින් ඝාතනය කරන්න,GKR හමුදාවේ drone යානා හොරකම් කරන්න වගේ දේවල්

එක දැනට තියන තොරතුරු වලට අනුව මේ game Release වෙනවා කියලා තියෙන්නේ 2016 අප්‍රේල් මාසේ. game එකේ system requirements නම් තාම Officialy Release කරලා නෑ

Release date- april 2016

උපුටා ගැනිමකි

https://www.facebook.com/RGSL-Royal-Gamers-in-Sri-Lanka-464955097009846/?fref=nf

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close