Breaking News
Home / Tech / මේ ගේම් එක සෙල්ලම් කරලා තියෙනවද?

මේ ගේම් එක සෙල්ලම් කරලා තියෙනවද?

Just Cause කියන්නේ ලංකාවේ Gamers ලා අතර ගොඩක් ජනප්‍රිය උනු Game Series එකක්. මේ Game Series එකේ අලුත්ම සංස්කරණය වනJust Cause 3 Game එක තවත් දින කිහිපයකින් Release වෙන්න තියනවා Just Cause Game Series එකේ මීට කලින් 2010 අවුරුද්දේ ආපු Just Cause 2 Game එකත් ලංකාවේ Gamers ලා අතර ගොඩක්
ජනප්‍රිය උනා ඒවගේම මම හිතනවා මේකත් Just Cause 2 එකටත් වඩා ජනප්‍රිය වේවි කියලා…….
මේ Game එකේ Developer වෙන්නේ Avalanche Studios මෙයාලා තමයි Mad Max, Just Cause 2 වගේ Games වලත් Developer විදියට කටයුතු කරේ ඒකනිසා Game එකේ Graphics එහෙම ගොඩක් හොද මට්ටමක තියේවි . ඒ වගේම මේ Game එකේ Publisher වෙන්නේ Square Enix

Just Cause 3 කියන්නේ open world action-adventure වගේම 3rd person Game එකක් මේ Game එකේ Map එක
වර්ග කිලෝමීටර 400ක පමන ප්‍රදේශයක් ආවරණය කරලා තියනවා Game main story එකේ තියෙන්නේ Just Cause 2 Game එකේ ප්‍රධාන චරිතය විදියට ඉන්න Rico Rodriguez එහෙමත් නැත්නම් The Scorpionගේ මව්බිම වන Medici [Game එකේ විදියට මේ දූපත Mediterranean Sea එකේ ( Mediterranean Sea කියන්නේ ග්‍රීසිය,ප්‍රංශය,ස්පාඤ්ඤය,ලිබියාව වගේ රටවල් වලට අයිතිවෙන මුහුද) පිහිටලා තියන දූපතක්] කියන දූපත පාලනය කරමින් ඉන්න ඒකාධිපති පාලකයකු වන General Di Ravello ගෙන් මුදාගැනීමට සඳහා කරන සටන තමයි Game main story එක විදියට තියෙන්නේ ඒ වගේම තමයි Rico කුඩා කාලයේදී Rico ගේ දෙමව්පියන්ව General Di Ravello ගේ හමුදාව විසින් මරාදමලා තියනවා නමුත් කොහොමහරි Rico ඒ දූපතෙන් බේරිලා ඇවිල්ලා The Agency කියන company එකට join වෙනවා Just Cause 2 එකේ සිද්දි වලින් වසර කීපයකට විතර පස්සේ Rico , The Agency එකෙන් අස් වෙලා තමන්ගේ රට General Di Ravello ගෙන් බේරාගන්න එනවා Rico ඒ දූපතට එනකොට ඒ දූපතේ General Di Ravello ගේ හමුදාවට විරුද්ධව සටන් කරන කැරලිකාර කණ්ඩායමක් ඉන්නවා ඒකේ නායකයා තමයි Rico ඒ දූපතේ ඉන්නකාලේ ඔහුගේ හොදම මිත්‍රයා වෙච්ච Mario Frigo එයත් එක්ක මේ කැරලිකාර කණ්ඩායමේ ඉන්නවා විද්‍යාඥයවරියක් එයා තමයි Dimah Mosry මෙයා තමයි Ricoට wing suit එක හදලා දෙන්නේ (wing suit එක ගැන හැදින්වීමක් post එකේ පහලට වෙන්න තියනවා) ඒ වගේම තමයි General Di Ravelloට කලින් රට පාලනය කල Rosa Manuela කියන කෙනත් මේ කැරලිකාර කණ්ඩායමත් එක්ක ඉන්නවා ඉතින් Rico Rodriguez එහෙමත් නැත්නම් The Scorpionට කරන්න තියෙන්නේ මේ අයත් එක්ක එකතුවෙලා තමන්ගේ මව්බිම එහෙමත් නැත්නම් Medici දූපත General Di Ravelloගෙන් නිදහස් කරගන්න

Game එකේ අපිට use කරන්න විවිධාකාර වාහන තියෙනවා ඒ අතරට Ground vehicles වර්ග 50කට ආසන්න ප්‍රමානයක් ( Ground vehicles කිව්වාම කෝච්චි, රේසිං කාර්, යුද්ධ ටැංකි ආදී හැම එකක්ම ඇතුලත් වෙනවා) Helicopters වර්ග 10ට ආසන්න ප්‍රමානයක්, Planes වර්ග 6ක් සහ Boats වර්ග 10ක් යනාදී වශයෙන් Game එකේ ඇතුලත් වෙනවා ඒ වගේම තමයි Game එකේ තියනවා rebel garage කියල එකක් අපි මේ වාහන වලින් මොකක් හරි එකක් එකපාරක් use කරාම rebel garage එකට ඒ වාහනය add වෙනවා ඊටපස්සේ අපිට ඕනවෙලාවක ඒ වාහනය use කරන්න පුලුවන් ඒ වගේම තමයි Game එකේ අපිට use කරන්න weapons වර්ග විශාල ප්‍රමාණයක් තියනවා ඒ අතරට Rifles වර්ග 10ට ආසන්න ප්‍රමානයක්
Rocket and grenade launchers වර්ග 6ක් සහ වෙනත් අවි වර්ග 10ට ආසන්න ප්‍රමානයක් ඇතුලුව මුලු weapons වර්ග 40ක් විතර අපිට Just Cause 3 Game එකේදී use කරන්න පුලුවන්

ඒ වගේම තමයි අපිට Game එකේදී use කරන්න wing suit කියලා එකක් තියනවා මේක FarCry 3/4 එකේ එහෙමත් තිබ්බා මේක use කරලා අපිට පියාසර කරන්න පුලුවන් මේ feature එක Just Cause Game Series එකට අලුතෙන්ම හදුන්වා දීපු option එකක් ඒවගේම තමයි අපිට Game එකේදී පැරශූට්ස් unlimited විදියට use කරන්න පුලුවන් ඒ වගේම තමයි අපි පැරශූට් එකෙන් යද්දි අපේ weapons use කරන්නත් පුලුවන් ඒ කිව්වේ Rocket launcher එක උනත් පැරශූට් එකේ ඉදිද්දී use කරන්න පුලුවන් Just Cause 3 Game එකේ තියන තවත් special feature එකක් තමයි signature Grappling Hook මේක Just Cause 2 එකෙත් තිබ්බා මේක use කරලා අපිට උස් තැනකට නගින්න වගේම අපිට මේක use කරලා සතුරු Helicopters, Planes වලටත් නගින්න පුලුවන් ගොඩක් action වැඩ අපිට signature Grappling Hook එක use කරලා කරන්න පුලුවන් Game එකේදී අපිට ගොඩක් වෙලාවට පිපිරීම් සිදුකරන්න වෙන්නේ C4 උපයෝගී කරගෙන ඒකනිසාම අපිට unlimited C4 Game එකෙන් සපයලා දීලා තියනවා

ඒ වගේම තමයි Game එකේ පරිසරය,මිනිසුන්,වාහන වගේම Game එකේ සිදුවන පිපිරීම් වගේ සිදුවීම් බොහොම තාත්වික විදියට හදන්න Game එකේ Developer සමත්වෙලා තියනවා
මේ Game එකේ Multiplayer Mod එකකුත් බොහෝදුරට එන්න පුලුවන් ඒ වගේම තමයි Game එකේ දැනට DLC එකකුත් confirm වෙලා තියනවා ඒ තමයි Air, Land & Sea Expansion Pass

Release date – 2015 December 01

උපුටා ගැනීමකි…….
https://www.facebook.com/RGSL-Royal-Gamers-in-Sri-Lanka-464955097009846/?fref=ts

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close