Breaking News
Home / Tech / මෙන්න අලුත්ම ගේම් එක-The Division

මෙන්න අලුත්ම ගේම් එක-The Division

Tom Clancy ලා ගැන හැමෝම දන්නවානේ. Ghost Recon Future Soldier , Splinter Cell Series වගේ ගොඩක් ගේම් වලට මූලික වෙලා තියෙන්නේ මෙයාල තමයි. ඒ ගේම්ස් ගැන ඉතින් කට්ටිය දන්නවනේ, Graphics / Story Line එහෙම කොහොමද කියලා . මෙයාලාගෙ අලුත්ම ගේම් එක තමයි The Division කියන්නේ.
⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
මේ ගේම් එක් ගැන කිව්වොත් අපට මේක open world third-person shooter role-playing ගේම් එකක් විදිහට හදුන්වන්න පුලුවන්. මේකේ Developers ලා වෙන්නේ Assassin`s Creed, FarCry, Ghost Recon වගේ ජනප්රිය ගේම්ස් Develop කරපු කවුරුත් දන්න Ubisoft ලා එයාලාගෙත් Ubisoft Annecy, Ubisoft Massive, Ubisoft Reflections, සහ Ubisoft Red Storm කියන ශාඛා 4 තමයි මේක Develop කරන්නේ.එතකොට Engine එක වෙන්නේ Snowdrop
⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
මේකේ Story Line එක දිගහැරෙන්නේ ඇමෙරිකාවේ New York නගරය වටා. මුලු රට පුරාම පැතිර යන දරුණු වසංගතයක් නිසා ඇමරිකානු රජය දවස් 5ක් ඇතුලත බිද වැටෙනවා. කෑමයි වතුරයි හිඟයක් තියන නිසා මුලු රටේම කැරලි කෝලහාල ඇතිවෙනවා. කොහොමහරි ඇමරිකාව හොයාගන්නවා මේ වයිරස් එක එහෙමත් නැත්තම් වසංගතය පැතිරෙන්නේ මුදල් නෝට්ටු මගින් කියලා . ගේම් එකේ Player වෙන්නේ මේ ගැන හොයන්න පත්කරපු “Strategic Homeland Division (SHD)” එහෙමත් නැත්තම් “The Division” එකේ Agent කෙනෙක්. මේ SHD කියන විශේෂ ඒකකය ඉන්නේ රජය බිඳවැටීමෙන්මෙන් පසු ඇතිවන ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදෙන්න. ඇමරිකාවේ ජනාධිපතිගේ Direct Order එකෙන් මෙයාලව ඕනෑම කටයුත්තකට අනුයුක්ත කරන්න පුලුවන්. මේ ගේම් එකේ Agent ගෙයි “The Division” කණ්ඩායමේ Task එක තමයි මේ වයිරස් එක පතුරවන්න හේතුවත්, ඒක කරපු අයවත් හොයාගන්න එක…..
⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
ගේම් එකේ Basic එක ගැන කතා කලොත් මේ ඉන්න Player ට Weapons 3ක් ගෙනියන්න පුලුවන්. ඒ වගේම
sticky bombs සහ smart mines වගේ කලින් ගේම් වල එච්චර දකින්න නොලැබුනු අලුත්ම Explosives අරගෙන යන්නත් පුලුවන්. හැම third-person shooter ගේම් එකකම වගේ මේ ගේම් එකෙත් වලියක් යන වෙලාවට එක එක දේවල් වලට Cover වෙන්න පුලුවන්. මේ ගේම් එක ගහනකොට අපට XP ලැබෙනවා. ඒ ලැබෙන XP වලින් තමයි අපි
character / backpack / level up weapons / gear Upgrade කරන්න වගේම අලුත් talents and skills Unlock කරගන්න පුලුවන් වෙන්නේ. අපි ගේම් එකේ Missions Complete කලහම අපට අලුත් එක එක Talents ගැන පොඩි Learn එකක් දෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්,
Healing Grenades Throw කරන Automated Gun Turret පාවිච්චි කරන්න Enemiesලව Tag කරන්න පුලුවන් විදියට Radar Pulse එක පාවිච්චි කරන්න වගේ දේවල් අපට Learn කරන්න පුලුවන් . අපි එක සැරයක් Skill එකක් පාවිච්චි කරාට පස්සේ ඒක ආයේ පාවිච්චි කරන්න ඒ Skill එක Recharge වෙනකන් ඉන්න ඕන. මෙ තියෙන්නේ ගේම් එකේ අපට දකින්න ලැබෙන Skills කිහිපයක්.

Auto Turret/ Seeker Mine /Firefly /Sticky Bomb /First Aid /Scanner Lure /Pulse /Links /Shockwave /Optical Cloak /Healing Grenade /Stimulus Pack /Fortitude /Tesla Trap

අපේ Weapons වලට අමතරව විවිධ Gadjets දකින්නත් පුලුවන්.
Signal Flare/ Smart Watch/ Respirator (මුඛ ආවරණය)/ Drone/ Contact Lens/ Computer ඒවලින් කීපයක්.
⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
ඒ වගේම ගේම් එකේ කාලගුණයත් මේකේ Playerට වාසි අවාසි දෙකම තියන විදියට Create කරලා තියනවා . ඒ කියන්නේ කුනාටුවකදී වගේ අපිව සතුරන්ට නොපෙනී ගියාට අපට Aim කරන්න ගොඩක්ම අමාරුයි. හැම ගේම් එකේම වගේ මේකෙත් දිවා රාත්‍රි විදියට කාලය වෙනස් වෙනවා.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
මේ ගේම් එකේ මැප් එකේ තියනවා “Dark Zones” කියලා වෙනම ප්රදේශ ඒවා Main Campaign එකට සම්බන්ධ නැති උනත් ඒවයින් ගන්න මේකේ Player ට ගොඩක් වාසි තියනවා. අපි ඒ “Dark Zones” වලට ගහලා ඒවා අල්ලගත්තම ඒවල තියන අලුත් ආයුධ වගේ දේවල් අපට ගන්න පුලුවන්. මේකේ මුලු මැප් එකම කොටස් කීපයකට වෙන් කරලා තියනවා Manhattan/ Brooklyn/ Queens කියන්නේ ඒ වලින් කීපයක්.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
මම මුලින් කියපු විදියට මේ ගේම් එකේ Weapons 3ක් ගෙනියන්න පුලුවන්නේ, ඒ 3 තමයි primary, secondary and sidearm කියන කොටස් 3ට අයිති වෙන්නේ.
ගේම් එකේ තියන ඔක්කොම Weapons මේ විදියට කොටස් වලට බෙදෙනවා
Assault Rifles (AR) – AK-47 / AUG / M4 Carbine

Submachine Guns (SMG) – MP7 / KRISS Vector / MP5

Shotguns – Moss 500 / M1040

Designated Marksman Rifle (DMR) – M14

Light Machine Gun (LMG) – M60 / G36

Sniper Rifles – Barrett M95 / MK17 SR / M21

Pistols – Glock 17 / Glock 19 / Beretta M9A1 / HK USP .45 / Springfield M1911 / Walter P99 / Magnum 44

Launchers – RPG

Grenades – Molotov

මෙන්න මේ තමයි ඒ කොටස් ටික මේ වලට අමතරව තවත් Weapons තියෙන්න නම් පුලුවන් .

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
අපට මේ ගේම් එකේ තවත් දෙයක් තමයි Gears. අපට තියන අවශ්‍යතාව අනුව Slot 5ක Gear 5ක් තියනවා. මේ තියෙන්නේ ඒ Gear ටික ,
Backpack
Gloves
Body Armor
Knee Pads
Thighs
මේ එක Gear එකක rarity and AR (Armor Rating) කියලා Level 2ක් තියනවා . (AR කියන්නේ එක Gear එකකින් අඩු කරන් හානි ප්‍රමාණය පෙන්නලා දෙන Rate එකක් .)

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

මේ ගේම් එක Play කරනකොට අපට විවිධාකාර කට්ටිය හම්බවෙනවා.
Division Agents
Cleaners
Thugs
Police
Rikers
CERA
ඒ අයට උදාහරණ විදිහට පෙන්නන පුලුවන් .

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

මේකෙත් Farcry, Assassin`s Creed වල ගේ Loot System එකක් තියනවා. අපට විවිධ ස්ථානවල වගේම මැරුනු අයගෙ Bodies එහෙම Loot කරන්න පුලුවන් . ඒත් මැරුනු හැම කෙනෙක්ගේන්ම Loot Items හම්බවෙන්නේ නෑ. ඒවා හම්බවෙන්නේ ටිකක් උසස් ඒ කියන්නේ සතුරු කණ්ඩායම්වල නායකයන්ගේ වගේ Body වලින්. Looted Items ඒ ඒ වල වටිනාකම හැටියට Level 5කට බෙදෙනවා.
1. White – Common (සුලභ)
2. Green – Uncommon (දුර්ලභ)
3. Blue – Rare (ඉතා දුර්ලභ)
4. Purple – Epic (අතිශයින් දුර්ලභ)
5. Orange – Legendary (පෞරාණික)
ඒ වගේම තමයි මේකේ අපි හොයාගන්න දේවල් අපට Crafting වලට පාවිච්චි කරන්න පුලුවන්. Craft කරන්න නම් තියෙන්නේ එක එක උපකරණයි, විවිධ ආයුධයි.
මේකේ අපෙ player’s menu access එකේ නම ECHO එකෙන් අපට පහත තියන වැඩ ටික කරන්න පුලුවන්.
Talents
Skills
Inventory
Character
Group
Clothing
Options
⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
මේ වගේ ගොඩක් දේවල් මේ ගේම් එක ගහනකොට තේරේවි. ඒත් ඒකට ලබන අවුරුද්ද වෙනකන් බලන් ඉන්න වෙනවා . මේ වගේ ගේම් වල Style එක Future Soldier, Rainbow Six ගේම් ගහපු අයනම් හොදටම දන්නවා.

Release Date – 2016- March-8

System Requirements නම් තාම Officially Release වෙලා නෑ.

උපුටා ගැනීමකි…….
https://www.facebook.com/RGSL-Royal-Gamers-in-Sri-Lanka-464955097009846/?fref=ts

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close