Breaking News
Home / Tech / පට්ටම action-adventure ගේම් එකක් Rise of the Tomb Raide

පට්ටම action-adventure ගේම් එකක් Rise of the Tomb Raide

Tomb Raider කිව්වම ඉතින් හැමෝම දන්න Famous ගේම් එකක්නේ . කලින් ආවේ Tomb Raider 2013 ඒකනම් ලංකා ගේමර්ස්ලා අතර සුපර්ම Hit එකක් උනා. මේ ගේම් එකනම් ඊට වඩා ගොඩක් popular වේවි කියල තමා මට හිතෙන්නෙ. මේකත් අර Tomb Raider 2013 වගේම 3rd person action-adventure ගේම් එකක් මේකෙනම් කලින් එකට වඩා ගොඩක්ම දිග story line එකක් තියනවා .ගේම් එක 100% Complete කරන්න පැය 30-40 විතර යනව කියලා තමයි Developers ලා කියන්නෙ.
මේකේ Developers වෙන්නේ Crystal Dynamics ලා. Published කරලා තියෙන්නේ Microsoft Studios and Square Enix ලා එයාලා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ .
Tomb Raider 2013 ගේම් එකෙන් අවුරුද්දකට පස්සේ වෙන දේවල් තමයි මේ ගේම් එකේ තියෙන්නේ. Story Line එකනම් ටිකක් අපහැදිලියි. ඒත් Xbox එහෙම ගහපු අය ඒ ගැන දන්නවා ඇති PC ගහන අයටනම් ආවට පස්සේ තමයි දැනගන්න වෙන්නේ. කොහොමහරි මේකේ Lara ට සටන් කරන්න තියෙන්නේ Trinity කියන සංවිධානයට එරෙහිව. Lara ට මේ ගමනේදී සතුරන් විදියට මිනිස්සුයි, සත්තුයි දෙගොල්ලොම හම්බවෙනවා.
මේකේ අපට තියෙන්නෙ Farcry 3 & 4වල වගේ Crafting System එකක්. ඒ කියන්නෙ අවට පරිසරයේ සතුන්වයි ශාකමය දේවල් අරගෙන තමයි එක එක දේවල් හදන්න තියෙන්නේ.මේකේ පරිසරය වගේම දේශගුනයත් ගොඩක් වෙනස් මේකේ දේශගුණය මිනිස්සුන්ටත් සතුන්ටත් එක එක විදියට බලපානවා. කෙටියෙන් කියනවනම් ශීත කාලයට Jacket එකක් හදන්න ඕන වෙන වෘකයෝ විශේෂය එලියට එන්නේ ශීත කාලයට විතරමයි. ඒ වගේම දවල්ට ඉන්න සමහර සත්තු රෑට නෑ, රෑට ඉන්න අය දවල්ට නෑ. ඒ වගේ ගොඩක් සියුම් දේවල් ගැන උනත් මේකේ Developers ල සැලකිලිමත් වෙලා තියනවා.මේකේ Graphics එහෙමනම් Superb කලින් Tomb Raider 2013 ගහපු අය ඒ ගැන හොදට දන්නවනේ . මේකේ වැඩි හරියක් තියෙන්නෙ සයිබීරියාවේ නිසා ගොඩක්ම දකින්න තියෙන්නෙ හිම. ඒ උනත් හිම වලට ඉර එලිය වැටිල පරාවර්තනය වෙන හැටි ඒ වගේම වතුරට අඩිය තිබ්බම වතුර විසිරිලා යන හැටි වගේ දේවල් හොදටම තියනවා. ඒක නිසා ගේම් එකේ Requirements එහෙම ටිකක් නෙමේ ගොඩක් දරුණු වෙන්න පුලුවන්.
මේ ගේම් එකේ Combat Side එකත් ගොඩක් දියුණු කරලා තියනවා. හතුරන්ට පහර දෙන්න පරිසරයේ දේවල් යොදා ගන්න පුලුවන් . ඒ වගේම අපට පදුරු වලට ගස් වලට මුවා වෙන්නත් වලියකින් බේරෙන්න ගස් උඩට නගින්නත් වහලවල් උඩට නගින්නත් පුලුවන් කලින් එකේ වගේම මේකේත් Main Weapon එක ඊ තලයයි ,දුන්නයි. ඒ වගේම Climbing axe, Hunting Knife, Pistol එකත් මුල් ගේම් එකේ වගේම මේකෙත් තියනවා.පහල තියෙන්නෙ ගේම් එකේ අපට පාවිච්චි කරන්න තියන Weapons කීපයක්. අපට අපේ Weapons ටිකත් Upgrade කරන්න පුලුවන්. ඒ කියන්නෙ reload speed, damage, impact radius වගේ දේවල්.

දුනු වර්ග – Makeshift Longbow, Recurve Bow, Compound Bow, Competition Bow
ඊතල වර්ග – Rope, Fire, Poison, Knockout Gas, Explosive, Armour Piercing
පිස්තෝල – Nagant Revolver, Semi Automatic Pistol, Tactical Pistol, Magnum Pistol
රයිෆල් – Guerrilla Rifle, Bolt Action Rifle
ශොට්ගන් – Break Action Shotgun, Pump Action Shotgun.
Dual Aluminum pry / climbing axes / Gas cans / lanterns / Molotov Cocktails
(මෙතන තියෙන්නේ ආයුධ කිපයක් විතරයි. මීට වඩා ආයුධ ගොඩක් මේ ගේම් එකේ තියෙන්න පුලුවන්.)
ඒ වගේම මේකේදී Lara ගේ Health එකත් Auto Regenerate වෙන්නෙ නැහැ. Health එක Refill කරගන්න Bandages වගේම Syringes පාවිච්චි කරන්න වෙනවා. .නිකන් ඉන්න වෙලාවල් වලට අපට දඩයම් කරන්න , පොඩි පොඩි Puzzle විසදන්න, Soviet Flags විනාශ කරන්න පුලුවන්.
ඒ වගේම මේකේ Skills ගැන කතා කරොත් ඒවා කොටස් 3 කට බෙදෙනවා. ඒ තමයි Survivor, Brawler and Hunter මේ කොටස් යටතේ Skills ගොඩක් තියනවා . මේ එක කොටසකුත් Tier 1, Tier 2 , Tier 3 විදියට ආයෙත් කොටස් 3කට බෙදෙනවා.. මේකේ තියන Skills ප්‍රමාණය ගොඩක් වැඩි නිසා ඒවා මේ Post එකේ දාන්න වෙන්නේ නෑ . මේකේ Lara ගේ Outfits එහෙමත් නැත්තම් ඇදුම් ගැන් කතා කලොත් ගේම් එකෙන් විවිධ තැන් වලදි දෙන ඒවායි අපි Onlock කරගන්න ඕන ඒවායි වෙනවෙනම් තියනවා .
ගේම් එකෙන් දෙන ඒවා තමයි,

**Leather Jacket
**Desert Tank – Unlocked in Syria
**Expedition Jacket – Unlocked in Siberia
**Gray Henley – Unlocked in the Gulag at the Soviet Installation
**Remnant Jacket – Unlocked in Soviet Installation
එතකොට අපි Unlock කරගන්න ඕන එවා තමයි, (මේ Outfits වල එක එක විශේෂතා තියනවා උදාහරණයක් විදියට ගත්තොත් සමහර Outfit වලින් health එක පොඩ්ඩක් Refill කරගන්න පුලුවන්.)

**Commando – Purchase this outfit from the supply shack in the Soviet Installation.
**Infiltrator – Complete the Unlucky Ones Mission found in the Soviet Installation.
**Huntress – Complete two missions (Surveillance Disruption and A Hearty Meal) for the woman in the southern part of Geothermal Valley.
**Battle Worn – Complete Defensive Strategy Mission in the Geothermal Valley.
**Sacra Umbra – Complete the Ancient Secrets mission for the herbalist in Geothermal Valley.
අන්තිමට කියන්න තියෙන්නෙ මේක අලුත් අවුරුද්දේ එන අලුත්ම ගේම් වලින් පට්ටම action-adventure ගේම් එකක් කියලා.

Release Dates,
November 10, 2015 (Xbox 360 & Xbox One)
Q1 2016 (Microsoft Windows)
Q4 2016 ( PlayStation 4 )

Minimum System Requirements
CPU – Intel Core i3-2100
GPU – NVIDIA GTX 650 2 GB or AMD HD 7770 2 GB
RAM – 6 GB
DX Version – DirectX 11
HDD – 25 GB

 

උපුටා ගැනීමකි…….
https://www.facebook.com/RGSL-Royal-Gamers-in-Sri-Lanka-464955097009846/?fref=ts

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close