Breaking News
Home / Gossip / තමන්ව ගෙදර යවන්න කතා කළ ‘මාධ්‍යවේදියාට’ දෝනි ප්‍රසිද්ධියේ කළ වැඩේ(VIDEO)

තමන්ව ගෙදර යවන්න කතා කළ ‘මාධ්‍යවේදියාට’ දෝනි ප්‍රසිද්ධියේ කළ වැඩේ(VIDEO)

පන්දුවාර විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි  සිදු කළ ක‍්‍රියාවක් මේවන විට අන්තර්ජාලයේ දැඩි කථාබහට ලක්ව තිබෙනවා.

 

මෙම සිද්ධියට මුහුණ පෑවේ ඕස්ටේ‍්‍රලියානු මාධ්‍යවේදී සැමුවෙල් ෆේරිස්.

 

එහිදී ඔහු දෝනිගෙන් විමසා සිටියේ මෙම තරගාවලියෙන් පසු තවදුරටත් ක‍්‍රීඩාවේ නිරත වනවාද යන්න පිළිබඳවයි.

ඊට පිළිතුරක් නොදුන් දෝනි සිදු කළේ මාධ්‍යවේදියාට තමා අසලට පැමිණෙන ලෙසට ආරාධනා කිරීමයි.

 

පසුව දෝණි මාධ්‍යවේදියාගෙන් විමසා සිටියේ තමාගේ සමුගැනීම ඔබට අවශ්‍යද යන්න පිළිබඳවයි.

එමෙන්ම ඉන්දියාව වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට ඔබට දරුවෙකු හෝ සහෝදරයෙකු සිටීද යන්න පිළිබඳවද දෝනි මාධ්‍යවේදියාගෙන් විමසා සිටියා.

එමෙන්ම තමා ක‍්‍රීඩාවට යෝග්‍ය නොවන බවට හෝ 2019 ලෝක කුසලානයට නුසුදුසු බවට ඔබ සිතනවාදැයි දෝනි විමසූ අතර මාධ්‍යවේදියා පිළිතුරු ලබාදුන්නේ එසේ අවශ්‍ය නොවන බවයි.

කෙසේවෙතත් මෙම සංවාදය සිදු වුණේ ඉතා සුහදව සහ සිනහ මුසු මුහුණෙන් වීමද විශේෂත්වයක්.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close