Breaking News
Home / Gossip / ප්‍රසන්න රණතුංග ඉවතට

ප්‍රසන්න රණතුංග ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් 26 දෙනෙකු පත්කර තිබේ.

ඔවුන් සිය පත්වීම් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබාගත්තේ ය.
මෙහිදී ආසන සංවිධායකධූර 17 ක් සහ දිස්ත්‍රික්ක සංවිධායකධූර 5 ක් පිරිනැමිණ.

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පත්කර ඇති අතර දෙහිවල ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ, නීතිඥ කීර්ති උඩවත්ත මහතා ය.

පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ මහතා, බටහිර කොළඹ ආසන සංවිධායක ලෙස පත්වූ අතර ප්‍රසන්න සෝලංගආරච්චි මහතා කොළොන්නාව නව ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරිණ.

අවිස්සාවේල්ල නව ආසන සංවිධායකවරයා වන්නේ සුමිත් විජමුණි සොයිසා මහතා ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස රුවන් රණතුංග මහතාත් මිරිගම සම සංවිධායක ලෙස සංජය සිරිවර්ධන මහතා පත් කර තිබේ.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පානදුර ආසන සංවිධායකවරයා ය.

අගලවත්ත සංවිධායක ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පත්කර ඇති අතර කළුතර සම සංවිධායක ලෙස සුමිත් ලාල් මෙන්ඩිස් මහතා පත්කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ මාතර සංවිධායක ලෙස චන්දිම රාජපුත්‍ර මහතා පත්වීම් ලබාගත්තේ ය.

මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ආසනයට පත්වූයේ එස්.බී. දිසානායක මහතා ය.

සෙංකඩගල ආසන සංවිධායකධූරය පළාත් සභා මන්ත්‍රී තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාට හිමිවූ අතර උඩුනුවර නව සංවිධායකවරයා වන්නේ මානෙල් බණ්ඩාර අබේරත්න මහතා ය.

මහින්ද අබේකෝන් මහතා මහනුවර ආසන සංවිධායක වන අතර අකුරණ සංවිධායකධූරය මොහොමඩ් සම්සාන් මහතාට හිමිවිය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ආසන සංවිධායකවරයා වන්නේ අභාවප්‍රාප්තවූ එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ පුත්‍රයා වන නලින් ගුණවර්ධන මහතා ය.

මීට අමතරව දිස්ත්‍රික් සංවිධායකධූර 7 ක් ද අද පිරිනැමිණ.

කොළඹ දිස්ත්‍රිකය සදහා සුජිවා චන්ද්‍රසිරි මහතාත් ගම්පහ දිස්ත්‍රික්කය සදහා අංජු ශ්‍රී ෂාම් පෙරේරා මහතාත් පත්කර තිබේ.

කළුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස අසංක එදිරිවීර මහතා පත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්ක සංවිධායකවරුන් වන්නේ, චන්න සාලිය මෙන්ඩිස් සහ තිසර ගුණසිංහ යන මහත්වරුන්.

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසද යාපා අබේවර්ධන මහතා සහ නලින් රණවීර මහතා මාතර දිස්ත්‍රික් සම
සංවිධායකවරුන් ලෙස පත්කර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close