Breaking News
Home / Gossip / තාජුඩීන් ඝාතනයට නාමල් ඇතුලු 8ක් අත්අඩංගුවට

තාජුඩීන් ඝාතනයට නාමල් ඇතුලු 8ක් අත්අඩංගුවට

රග්ර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වනවා.

වසීම් තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට සැක කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉකුත්දා කියා සිටියේ. එ් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

අදාළ විමර්ශන පිළිබඳ වැඩිදුර වාර්තාවක්ද ඔවුන් ලබන 23 වැනිදා වන විට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. 

මේ අතර වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාද සිටින බව  වාර්තා වනවා.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රියැදුරෙකු ලෙස සේවය කළ අයෙකුද මෙම සැකකරුන් අතර සිටින බවයි මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close