Breaking News
Home / Gossip / 17 රැළියට ගියොත් මහින්ද දොට්ට..!

17 රැළියට ගියොත් මහින්ද දොට්ට..!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන 17දා හයිඩ් පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හිටපු ජනාධිපති සහභාගී වුවහොත් ඔහුගේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය වහාම අහෝසි කිරීමට එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

ඔහු ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පක්ෂයේ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා උපදෙස්දී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ද ඊට අනුකුලත්වය පළකර අතයි පැවසේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක් පිහිටුවීමට අනුබලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු කළොත් තමාගෙන් කිසිම ගැලවීමක්‌ නොලැබෙන බව ජනාධිපතිවරයා පසුගියදා අවධාරණය කර සිටියේය.

පසුගිය බදාදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ පැවති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවකදී ඔහු එම අනතුරු ඇඟවීම කර ඇත.

පක්‍ෂයේ අතීත ක්‍රියාකලාපය මෙනෙහි කරමින් රාජපක්‍ෂවරු එදා තමන්ට සැලකූ හැටි ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර ඇත.

”ඇත්තම කියනවා නම් මට පක්‍ෂයෙන් යන්න පාර කැපුවේ ඔය රාජපක්‍ෂලා ඒත් මම එයාලට හානියක්‌ කරල නැහැ. නමුත් මහින්ද වෙන වෙන පක්‍ෂ පිහිටුවන්න උඩගෙඩි දීලා, පක්‍ෂය කඩන්න අවොත් නම් මගෙන් එයාට ගැලවීමක්‌ නෑ. මගේ ළඟ එයාලගේ තෝම්බුව ඔක්‌කොම තියනවා. කොනක ඉඳල අඳිනවා. ජනතාව ඇත්ත දැනගත්තම එයාට මේ රටේවත් ඉන්න බැරිවෙයි ” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close