Breaking News
Home / Gossip / යෝෂිත බන්ධනාගාරේ ඇතුලේ හොරෙන් ෆොන් එකක් තියන් ඉදලා.

යෝෂිත බන්ධනාගාරේ ඇතුලේ හොරෙන් ෆොන් එකක් තියන් ඉදලා.

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ බන්ධනාගාරගත කිරීමේදී ඔහු සඟවාගෙන සිටි බව කියන ජංගම දුරකථනයක්‌ බිම වැටීම සම්බන්ධව වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට බන්ධනාගාර පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා විසින් බන්ධනාගාර කොමසාරිස්‌වරයාට දන්වා තිබෙනවා.

මෙම පරීක්‌ෂණය කඩිනමින් සිදුකර දින දෙකක්‌ තුළ අදාළ වාර්තාව තමා වෙත ලබාදෙන ලෙසද ඇමැතිවරයා බන්ධනාගාර කොමසාරිස්‌වරයාට උපදෙස්‌ දී ඇත.

කිසිදු බන්ධනාගාර රැඳවියකුට ජංගම දුරකථන ළඟ තබාගැනීමට අවසර නොමැති බවත් යෝෂිත රාජපක්‍ෂ සතුව තිබූ ජංගම දුරකථනය බිම වැටුණ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයක්‌ වහාම කළයුතු බවත් ඇමැතිවරයා දන්වා තිබේ. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්‍ෂ මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close