Breaking News
Home / Tech / මෙන්න තවත් සුපිරි ගේම් එකක්

මෙන්න තවත් සුපිරි ගේම් එකක්

Dishonered කියන්නේ එච්චර Gamers ලට හුරුපුරුදු නමක් නොවෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන් . මේ ගේම් එක අනිත් හැම PC Game එකටම වඩා ගොඩක් වෙනස් විදියක ගේම් එකක්. මේකේ මුලින් ආපු Dishonered ගේම් එකයි අලුතෙන් එන Dishonered 2 ගේම් එකයි දෙකම First-Person Action,adventure,stealth ගේම්ස් . මේකේ මුල් ගේම් එකටනම් Gaming Awards වලදී සම්මාන එහෙම ගොඩක් හම්බඋනා. ඒ වගේම විචාරකයන්ගේ පැසසුම් පවා වෙන ඒවාට වඩා හොදින් ලැබුනා. මේ ගේම් දෙකම Develop කරලා තියෙන්නේ Arkane Studios කියන අය , ඒ වගේම Publisher ලා වෙන්නේ Bethesda Softworks. Engine එක Void Engine ………

Dishonered 2 ගේම් එක ගැන කියන්න කලින් Dishonered මුල් ගේම් එක ගැන පොඩි හැදින්වීමක් කරන්න ඕන. Dishonered ගේම් එකේ Story එක යන්නේ අධිරාජිනියකගේ ආරක්ෂකයෙක් වටා, නම Corvo Attano. මේ ගේම් එකේ මුලින්ම අපි ,රැජින, රැජිනගේ දුව හම්බවෙන්න යනවා. දුවගේ නම Emily Kaldwin අපි මෙහෙම රැජිනව හම්බවෙන වෙලාවේ එකපාරට Assassinsල කට්ටියක් ඇවිත් රැජිනව මරලා දුවව අරන් යනවා . මේ Assassin ලා special abilities තියන අය, අවශ්ය දේ කරලා එකපාරට අතුරුදහන් වෙනවා (ඒ හැකියා ඔක්කෝම අපටත් පස්සේ හම්බෙනවා) රැජිනව මැරුවට පස්සේ එතනට එන Guardsලා හිතන්නේ එයාව මැරුවේ අපි කියලයි ඒක නිසා අපිව හිරේට දානවා . දැන් ඉතින් ඇත්ත සිද්දිය දන්නේ රැජිනගෙ දුවනේ, අපිට අපි වැරදිකාරයා නෙවෙයි කියන එක ඔප්පු කරන්න Emily (රැජිනගේ දුව) ව ආපහු ගේන්න වෙනවා . ඒකට අපි හිරෙන් පැනලා ඒ වැඩේට සම්බන්ධ අයව හොයාගෙන යනවා. මේ සිද්දිය උඩ තමයි කතාව යන්නේ. බොරු වැරැද්දකට අපිව අහු කරලා අපේ ගෞරවයට හානි උන නිසා තමයි මේ Dishonered කියන් නම ගේම් එකට දාලා තියෙන්නේ මමනම් කියන්නේ මේ ගේම් එකට ඒ නම 200% ගැලපෙනවා.
දැන් Dishonered 2 එක ගැන කතා කරමු. මේකෙ සිද්දවෙන්නේ අරකේ Ending එකට අවුරුදු 15 කට පස්සේ. අර පොඩි කෙල්ලෙක් උන Emily ලොකු වෙලා , අපිත් බොඩිගාඩ් පට්ටම් නැතුව Assassin කෙනෙක් වෙලා. මේ ගේම් එකේ අපට මේ Emily Kaldwin , Corvo Attano කියන දෙන්නම පාලනය කරන්න පුලුවන් .කතාව තියෙන්නේ Emily , Corvo එක්ක එයාට අහිමිවුන කිරුල ආයෙත් ලබාගන්න යන ගමන ගැන. හරියට Assassin`s Creed – Syndicate වල වගේ. ඒ වගේම Player ට තමන් කැමති විදියට කවුරුත් නොමර Silent විදියට Mission ගහන්නත් පුලුවන් (කියන විදියට කවුරුවත් නොමර උනත් ගේම් එක ඉවර කරන්න පුලුවන් ) නැත්තම් හැමෝම කැමති Loud විදියට ගහන්නත් පුලුවන්. ඒක ඉතින් Play කරන කෙනාගේ උවමනාව අනුව තමයි තීරනය වෙන්නේ.
කලින් ගේම් එකේ වගේම මේකේ අපට supernatural powers තියනවා ඒ වගේම ඒවා upgrade කරන්න skill tree එකකුත් තියනවා . මේ skill tree එකනම් කලින් ගේම් එකේ තිබුනේ වෙනස් විදියකට. Emily ට තියෙන්නේ Corvo ට වඩා ටිකක් වෙනස් හැකියාවන් (හැබයි ගොඩක් දුරට නම විතරයි වෙනස්) Corvoට තියනවා හැකියාවක් ‘Blink’ කියලා Emily ට තියෙන්නේ ඒක “Far Reach”කියලා තව Emily ගේ හැකියාවක් තමා “Shadow Walk” ඒ කියන්නේ එයාට කලු පාට අදුරු වලාකුලක් වගේ වෙලා ඕන තැනකට යන්න පුලුවන් ඒ හැකියාවනම් Corvo ට නෑ.ගේම් එකේ නගරය වෙන්නේ Karnaca ඒ කියන්නේ Serkonos වල අගනුවර . මුල් ගේම් එකේ හිටියා මීයෝ , මේ ගේම් එකේ ඉන්නවා මැස්සෝ උන්ට කියන්නේ blood flies කියලා. අරකේ නම් මීයෝ ඇවිත් අපිව කන්න හදනවා මේකේනම් මැස්සෝ මොනවා කරයිද දන්නේ නෑ.
අවසානයේ කියන්න තියෙන්නේ මේකනම් වෙනස්ම පට්ටම ගේම් එකක් වෙයි කියලා මේක ගහන්න කලින් හැමෝම Dishonerd මුල් එක ගහනවනම් හොදයි. සමහරුන්ට ඒක එපා වෙයි කොලිටි නෑ , අමාරුයි , කරන්න තියන දේ දන්නේ නෑ , යන තැන ඉන්න තැන හොයාගන්න බෑ කියලා ඒත් ගේම් එක ආසාවෙන් ගහනවනම් මුකුත් නෑ .

Release Date – 2016 (2017 වෙන්නත් පුලුවන්)

System Requirements නම් තාම Officially Release වෙලා නෑ

 

 

 

Copy by-https://www.facebook.com/RGSL-Royal-Gamers-in-Sri-Lanka-464955097009846/?fref=ts

About Tech Lanka

Check Also

e4e13f034adf347830976e77f1634d0d

නොදන්නා අංකයකින් ඇමතුමක් එන විටම අංකය කාගේද කියලා නමත් එක්කම හොයාගන්නේ මෙහෙමයි.

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close