Breaking News
Home / Gossip / ෆොන්සේකා ඇමති ධූරයේ දිවුරුම් දීම අනිද්දා

ෆොන්සේකා ඇමති ධූරයේ දිවුරුම් දීම අනිද්දා

මෙම මස 09 වන දින මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිව්රුම් දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා අමාත්‍ය පදවියේ දිව්රුම්දීම අනිද්දාට (25)  යෙදෙන සුභ මොහොතින් සිදුකරන බව එක්සත් ජාතික පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 ෆොන්සේකා මහතා මෙසේ දිව්රුම් දෙනු ලබන්නේ ඌව, මධ්‍යම, උතුරු මැද හා සබරගමුව මහානගර සංවර්ධන අමාත්‍යවරයා වශයෙනි.
 ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දෛව අංක පිළිබඳව  දැඩි ලෙස විශ්වාස කරන්නෙකු වන අතර අංක 09 ඒ මහතාගේ සුභ අංකය වේ.
යුධ ජයග්‍රහණය ( මැයි 18) වැනි ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් සෑම එකක්ම පාහේ දෛව අංකය වන 09 ට යෙදී ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු ලෙස දිව්රුම් දීම සඳහා ඔහු යොදාගත්තේ පෙබරවාරි 09 වන දිනයි. එමෙන්ම 25/02/2016 දිනයේ සම්පූර්ණ එකතුව අංක 09 බැවින් එම දිනය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා යොදා ගැණෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close