Breaking News
Home / Gossip / ෆොන්සේකා අද ඇමතිධූරයේ දිවුරයි !

ෆොන්සේකා අද ඇමතිධූරයේ දිවුරයි !

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා අද (25) පස්වරු 1.35ට යෙදෙන සුභ මොහොතින් අමාත්‍යවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ෆොන්සේකා මහතා මෙසේ දිව්රුම් දෙනු ලබන්නේ ඌව, මධ්‍යම, උතුරු මැද හා සබරගමුව මහානගර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් බවද පැවසේ.

ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙලෙස දිවුරුම්දීමට නියමිතය.

ෆොන්සේකා මහතා පසුගියදා මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිව්රුම් දුන්නේය.

ඒ මහතා අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසුව හෙට (26) සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් බැලීමට සිංගප්පූරුවට යාමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close