Breaking News
Home / Gossip / ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ඊයේ ස්වාධීන මැතිවරණ කොමිසම වෙත යොමු කරනු ලැබී ය.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, එය ඊයේ රැස් වූ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර අනුමත කෙරුණු බව ය.

ඒ අනුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා මහතා සඳහන් කළේ, එය ඊයේ මධ්‍යම රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත් බව ය.

අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළේ ය.

ඒ අනුව ඔහු අද එම ධූරයේ දිවුරුම් දෙන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close