Breaking News
Home / Gossip / හොරු අල්ලන FCIDයට ‘පොල් ගහන්න’ හොර පොල් කඩපු හැටි

හොරු අල්ලන FCIDයට ‘පොල් ගහන්න’ හොර පොල් කඩපු හැටි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසුරුවන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සීනිගම දේවාලයේ පොල් ගැසීමට සඳහා රජයේ ඉඩමකින් හොරෙන් පොල් කැඩූ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

නාගොඩ ග්‍රාම නිලධාරී සහ හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් මහතා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අද (05) උදෑසන උඩුගම ඇස්රොක් නම් වන රජයේ වත්තෙන්  පොල් ගෙඩි 700ක් කඩා ට්‍රැක්ටරයකින් රැගෙන ගිය බවයි.

දේශපාලනඥයකු ද මීට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය සඳහන් කළා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන්ට සීනිගම දේවාලයේ පොල් ගැසීම  සඳහා පොල් 300 බැගින් රැගෙන එන ලෙස දැනුම් දී ඇති අතර හිටපු හිටපු සභාපතිවරයෙක් මෙලෙස පොල් කඩවා ඇති බවයි පැවසෙන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close