Breaking News
Home / Gossip / හිරුණිකාට අධිකරණයෙන් දැඩි අවවාද

හිරුණිකාට අධිකරණයෙන් දැඩි අවවාද

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද තරයේ අවවාද කළා. ඒ, අධිකරණයට පැමිණෙන විට අධිකරණයට ගෞරව කර පැමිණෙන ලෙසයි. 

 

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව කොළඹ මහාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ අද විභාගයට ගැනුණා. ඒ අතරතුර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණි බවයි වාර්තාකරු පැවසුවේ.

 

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඇය හිස නමා අධිකරණයට ආචාර නොකළ බව තමන් නිරීක්ෂණය කළේ යැයි ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය කියා සිටියා. අධිකරණයට පැමිණෙන විට අධිකරණයට ගෞරව කර පැමිණෙන්නැයි ඇයට තරයේ අවවාද කෙරුණේ ඒ අනුවයි. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close