Breaking News
Home / Gossip / හිටපු ප්‍රභල ඇමතිවරු දෙදෙනෙක් මේ සතියේ අත්අඩංගුවට

හිටපු ප්‍රභල ඇමතිවරු දෙදෙනෙක් මේ සතියේ අත්අඩංගුවට

රාජපක්ෂ පාලන සමයේ සිදුවූවා යයි පැවසෙන වංචා දුෂණ කිහිපයක් සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපයතුලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මොවුන් දෙදෙනාට බරපතල චෝදනා ගණනාවක් ම එල්ලවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID ) විමර්ශන කිහිපයක්ම සිදු කෙරේ.

සතොස ආයතයේ ගිණුම් ලිපිගොනු රැසක් ගිනිබත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, කිසිඳු අවසරයකින් තොරව රජයේ වාහන හිතවතුන්ට දෙමින් ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා ඉන්දන ලබාදීම පිළිබඳවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට චෝදනා එල්ලවී ඇත.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close