Breaking News
Home / Gossip / හිටපු ජනපතිගේ ආරක්ෂකයන් ඉවතට

හිටපු ජනපතිගේ ආරක්ෂකයන් ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙතෙක් ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ හමුදා සෙබළුන් ඉවත් කර ඒ වෙනුවට පොලිස් නිලධාරීන් යෙදවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මුලින් 50 දෙනෙකුත් දෙවනුවද 50 දෙනෙකුත් බැගින් සියළු හමුදා සෙබළුන් ආරක්‍ෂාවෙන් ඉවත් කරන පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇතැයිද පවසන මන්ත‍්‍රීවරයා එය හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතය බරපතල ලෙස අනතුරේ හෙලන්නක් යයිද සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වැඩිම හැකියාව ඇත්තේ හමුදාවට බවත් පොලීසිය වැඩිපුරම ඇති හැකියාව නීතිය හා සාමය රැකීම බවත් පවසන ගම්මන්පිල මහතා රට පුරා පුපුරන ද්‍රව්‍ය ගිනි අවි හමුවෙද්දී, පාතාල ක‍්‍රියාකාරකම් දිනපතා වැඩිවෙද්දී ගෙන ඇති මෙම ක‍්‍රියාමාර්ගය ත‍්‍රස්තවාදීන්ගේ අංක එකේ ඉලක්කය වන හිටපු ජනාධිපතිවරයා තව දුටරත් සතුරු උණ්ඩයට පහසු කිරීමක් වන බවද ඔහු පවසයි.

දරුවන් නොව මුළු පවුලම සිර කලද තම දේශපාලනය අත් නොහරින්නේ යයි හිටපු ජනාධිපතිවරයා විසින් කල ප‍්‍රකාශය නිසා ආණ්ඩුව විසින් මේ උත්සාහ කරන්නේ ඔහුට මරණ තර්ජනය කරමින් දේශපාලනයෙන් ඉවත් කිරීමට යයිද පෙන්වා දෙයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close