Breaking News
Home / Gossip / හායි! හායි! කියලා නරක වැඩවලට අත වනන ෆේස්බුක් බිල්ලෝ

හායි! හායි! කියලා නරක වැඩවලට අත වනන ෆේස්බුක් බිල්ලෝ

ෆේස්බුක් එක ඇත්තටමට මාර්ක් සකර්බර්ග් හැදුවේ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකු සමඟ සුහදත්වය ඇති කරගන්න. මේ ෆේස්බුක් එකෙන් ලෝකේ ගොඩක් අය යහපත් දේවල් වෙනුවෙන් ප්‍රයෝජනය ගන්නවා. ලෝකේ ඉන්න ඕනෑම කෙනෙක් ගැන දැනගැනීමට වගේම මිත්‍රත්වය, ආදරය වගේ බැඳීම් පාවා මේ ෆේස්බුක් එකෙන් අද වනවිට ඉෂ්ඨ සිද්ධ කරගන්නවා.

හැබැයි ඕනෑම කෙනෙකුට ෆේස්බුක් එකේ ගිණුමක් විවෘත කරන්න පුළුවන්. වයස් සීමාවක් දාලා තිබුණට එකත් බොරුවට හදලා දාන්න පුළුවන්. ඒ නිසා ෆේස්බුක් එකේ ඕන හොර වැඩක් කිරීමේ හැකියාවත් මේ නිසා ලැබෙනවා. මේක ෆේස්බුක් එකේ ලොකු දුර්වලතාවයක් කියFacebookලා අපිට කියන්න පුළුවන්.

දිනකට ෆේස්බුක් එකේ විවෘත කරන ගිණුම් වලින් අඩක්ම Fake Account ලු. මේ Fake Account නිසා ගොඩක් කට්ටිය අපහසුතාවයට පත් වෙච්ච පුවත් ඕන තරම් වාර්තා වෙනවා. සමහර අවස්ථාවල සියදිවි නසා ගැනීම් පවා සිද්ධ වෙලා තියෙනවා.

මේක තමා ෆේස්බුක් එක වැරදි වැඩ වලට පාවිච්චි කරනවා කියන්නේ. හොර ෆේස්බුක් ගිණුම් ඇරගෙන යම් යම් අවශ්‍යතාවයන් ඉෂ්ඨ සිද්ධ කරගන්න සමහරු පෙළඹෙනවා. සමහරු ඒවා හොර ගිණුම් කියලා දැන දැනම ආමරුවේ වැටෙන්නත් හදනවා.

අපි මේ කියන්නේ හදන්නේ ෆේස්බුක් එකෙන් වැරදි වැඩ කරන අය ගැනයි. ඒක ඔප්පු කරන්න පුළුවන් සාධක කිහිපයක් අපිට අපි කරපු සමීක්ෂණයකින් හම්බ වුණා.

එකේදී අපිට දකින්න ලැබුණා හොර ෆේස්බුක් හදන් ඉන්න ගොඩක් කට්ටිය නරක විදියට කරන චැට් ගැන. සමහරක් ඒවා ගොඩක් අසික්කිතයි කිව්වොත් වැරදි නෑ.

හායි හායි කියලා ගොඩක් අය නරක දේවල්වලට ගැනු ළමයිගේ ගිණුම්වලට මැසේජ් කරනවා. මෙතැනදී අපිට තවත් දෙයක් දැනගන්න ලැබුණා. ඒ තමා මේ විදියට ගැනු ළමයිගේ ෆේස්බුක් ගිණුම්වලට මැසේජ් කරන කල්ලියක්ම ඉන්නවා කියලා.

සමහරු කරන මේ නරක වැඩේ නිසා ෆේස්බුක් එකේ ඉන්න පිරිමි ළමයි ගැන ගෑණු ළමයි ඉන්නේ ගොඩක් අවිශ්වාසයෙන්.

ෆේස්බුක් එකෙන් මේ වැඩේ කරන්න එපා කියලා අපි ඉල්ලනවා.
මෙහෙම මැසේජ් එවන හුඟක් අය මැසේජ් එවන කෙනාව කළින් අඳුරනවා වගේ තමා මැසේජ් කරන්නේ.. මේ ලිපියේ ඉතුරු කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න…

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close