Breaking News
Home / Gossip / හමුවූ බෝම්බ ගැන ‘මහින්දගෙන් ‘ රනිල්ට ඇමතුමක්

හමුවූ බෝම්බ ගැන ‘මහින්දගෙන් ‘ රනිල්ට ඇමතුමක්

චාවකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් වැල්ලවත්ත ප‍්‍රදේශයට ගෙන ඒමට තිබූ බවට  හිටපු විදේශ  අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ නම් ඔහුගෙන් තොරතුරු ලබාගෙන ඒ ගැන සෙවිය යුතු බව  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළා.

කොළඹ මුදල් අමාත්‍යාංශ පරිශ‍්‍රයේ භාණ්ඩාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියා.

එම ආයුධ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව ද අග‍්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා ද මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවීම සම්බන්ධයෙන් තමන්ට ඇමතුමක් ලබා දී දැනුවත් කළ බව ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close