Breaking News
Home / Gossip / සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඊයේ (14) රාත‍්‍රී කොළඹදී ඒ මහතා අභාවප‍්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ. අමරසිංහ මහතා මියයනවිට 74වැනි වියේ පසුවුණා. 

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසුව විදේශ ගතව සිටි ඒ මහතා 1995 ජනාධිපතිවරණයෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ යළි ශ‍්‍රී ලංකාවට පැමිණ ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය ලබාදුන්නා.

ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තුළ සෝමවංශ අමරසිංහ මහතා පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සමග සමකාලීනව දේශපාලන සඟයෙක්ව සිටියා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පළමු දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් ලෙස ද අමරසිංහ මහතා කටයුතු කළා. පක්ෂ ධූරාවලියේ සිවුවන නායකයා ලෙස හදුන්වන්නේ සෝමවංශ අමරසිංහ මහතායි. ඔහු එම ධූරයෙන් ඉවත් වීමෙන් පසුව අනුර දිසානායක මහතා පක්ෂ නායකත්වයට පත්වුණා. 

මෑත කාලීනව ආන්දෝලාන්තමක දේශපාලන භූමිකා කිහිපයක විවිධ අවස්ථා නිරූපණය කළ අමරසිංහ මහතාගේ දේහය තබා ඇති ස්ථානය හා අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close