Breaking News
Home / Gossip / සූරියවැව ක්‍රීඩාංගණය මංගල උත්සව වලට

සූරියවැව ක්‍රීඩාංගණය මංගල උත්සව වලට

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මංගල උත්සව සඳහා කුලියට ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අද(23)පාර්ලිමේන්තුවේදී තහවුරු කර තිබේ.

මංගල උත්සව සඳහා දිනකට රු.5000-10,000 දක්වා මුදලකට එය ලබාදෙන බවට පැතිර යන ආරංචි සැබෑවක්දැයි රත්නපුර දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් විෂය භාර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ එය සත්‍යයක් බව හා කිසිදු ආදායමක් නොමැති ක්‍රීඩාංගණයෙන් එවැනි ආදායමක් හෝ ලැබීමේ වරදක් තමා නොදකින බවයි.

මිලියන 4283ක් වැයකර ස්ථාපිත කරන ලද මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇත්තේ එක්දින තරග 11ක් හා T-20 තරඟ 9ක් පමණක් බැවින් මෙම ක්‍රීඩාංගණයෙන් ප්‍රයෝජන ගැනීමට පවත්නා බාධා කවරේදැයි හේෂා විතානගේ මන්ත්‍රීවරයා මෙහිදී යළි විමසා සිටියේය.

ක්‍රීඩකයින්ට හෝටල් පහසුකම් නොමැතිවීම මෙහි පවත්නා ලොකුම බාධාව බැව් පෙන්වාදුන් ක්‍රීඩා අමාත්‍යවරයා හෝටල් පහසුකම් ඇත්තේ ක්‍රීඩා පිටියට කි.මී 40ක පමණ දුරින් බව සඳහන් කළේය.

පහුගියදා හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්‍රීඩාංගණය විදේශීය පුහුණු සැසි සඳහා යොදාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන ලෙස උපදෙස් ලබාදී ඇති බවත්,ඉදිරියේදී ගැටළු මගහරවා එය නවීකරණය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close