Breaking News
Home / Gossip / සිංහයන්ට උදව් කරන්න මහේල කැමතියිලු – සිංහයන්ගේ අලුත්ම තත්ත්වේ මෙන්න

සිංහයන්ට උදව් කරන්න මහේල කැමතියිලු – සිංහයන්ගේ අලුත්ම තත්ත්වේ මෙන්න

පෙරහුරු තරගවලදී උපරිමයට පැමිණීමට නොහැකිව සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජයග්‍රාහී බලාපොරොත්තුවලින් සන්නද්ධව විස්‌සයි විස්‌ස ලෝක කුසලාන පළමු සටනට හෙට (17 දා) ඇෆ්ගනිස්‌ථානය සමග සහභාගි වේ.

කොල්කොටා ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය වෙනුවෙන් කණ්‌ඩායම් දෙකම අද සවස්‌වරුවේ සිය අවසන් පුහුණු සැසිවලට සහභාගි වේ. විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන මෙම තරය හෙට ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතය.

නවසීලන්තය සහ පකිස්‌තානය සමඟ පැවැති පුහුණු තරග දෙකම පරාජයට පත්වුවත් හිටපු විස්‌සයි විස්‌ස ලෝක ශූරයන් වන ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්‌ථානයට එරෙහිව සිය ප්‍රබලම සංයුතිය ක්‍රීඩා කරවීමට නියමිත බව කණ්‌ඩායම් කළමනාකාරිත්වය පවසයි.

හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රබලම සංයුතිය ක්‍රීඩා කරවීමට සැලසුම් සකස්‌ කර තිබුණද ආබාධයක්‌ හේතුවෙන් තරග කරනවාද නැද්ද යන්න දෙගිඩියාවෙන් පසුවන ලසිත් මාලිංගගේ සේවය කණ්‌ඩායමට අහිමිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති බව වාර්තා වේ. ඔහු අද දිනයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත වුවද ආබාධ තත්ත්වය සියයට සියයක්‌ සම්පූර්ණ සුවය නොලබා ඇති බව මාලිංග ඉන්දියාවට යැමට පෙර පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ අපි තවම තීරණයක්‌ අරගෙන නැහැ. ඉදිරියේදී මොකද වෙන්නෙ කියලා කියන්නම් යනුවෙන්.

අරවින්ද ද සිල්වා, රොමේෂ් කලුවිතාරණ සහ කුමාර් සංගක්‌කාර යන වත්මන් ක්‍රිකට්‌ තේරීම් කමිටු සාමාජිකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ මානසිකත්වය ජයග්‍රාහී මට්‌ටමකට ගෙන ඒම සඳහා දැඩි වෙහෙසක නිරත වන අතර ඒ සඳහා මහේල ජයවර්ධන ද ඉන්දියාවේ සිට කණ්‌ඩායමට සහය ලබාදීමට ඉදිරිපත්ව තිබේ.

ලසිත් මාලිංග තරග කිරීමට තරම් සුව තත්ත්වයේ නොසිටින බව ඔහු ප්‍රකාශ කර තිබියදී කණ්‌ඩායමට නම් කිරීම තේරීම් කමිටුවේ හිතුමනාපයට සිදුවූවක්‌ද යන කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මාලිංගගේ තත්ත්වය වෛද්‍ය වාර්තා අනූව සොයා බලා කණ්‌ඩායමට කැඳවා ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌ව සිටින ලසිත් මාලිංග සුපුරුදු පරිදි පන්දු යෑවීට තරම් සුව තත්ත්වයක නොසිටින බව කණ්‌ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඔහු ඊයේ දිනයේදීත් සුපුරුදු පුහුණුවීම්වල නොයෙදුන බවත් ඒ අනුව හෙට තරගයට මාලිංග ක්‍රීඩා නොකිරීමේ අවස්‌ථාවක්‌ ඇති බවත් තවදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මානසිකත්වය සහ තේරීම් පිළිබඳව මෙන්ම අනෙකුත් උපදෙස්‌ ලබාදීම සඳහා කුමාර් සංගක්‌කාර මේ දිනවල කණ්‌ඩායම සමග සිටින අතර ඔහුගේ දැනුම ශ්‍රී ලංකා පිලට ලැබීම කණ්‌ඩායමේ මානසිකත්වය ඉහළ දැමීම සඳහා පිටිවහලක්‌ වී තිබේ. ඉදිරි දින කිහිපයේදී රොමේෂ් කලුවිතාරණ සහ අරවින්ද ද සිල්වාද ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග එකට හිඳිමින් කටයුතු කිරීමට නියමිතව ඇත.

පුහුණු තරගවලදී ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් හැරුණුවිට අනෙකුත් නම් දැරූ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ අතර පන්දු යවන්නන්ටද සිය රිද්මය සොයා ගැනීමට නොහැකිවීම එම තරග දෙකේදී මැනවින් පැහැදිලි විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වැරදි නිවැරදි කර ගැනීම සඳහා අවසන් පුහුණු සැසියට අද සහභාගි වන අතර ඇෆ්ගනිස්‌ථානය සුදුසුකම් ලැබීමේ වටයේ සිට අපරාජිතව ශ්‍රී ලංකා පිල හමුවීම විශේෂත්වයකි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close