Breaking News
Home / Gossip / සරත් ෆොන්සේකා එජාප නියෝජ්‍ය නායක ධුරයට.! ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හරී.!

සරත් ෆොන්සේකා එජාප නියෝජ්‍ය නායක ධුරයට.! ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හරී.!

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැර එහි නායකයන් හා සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගතයුතු බවට පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සිය පක්ෂ සාමාජිකයන්ට අවධාරණය ඇත.සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් ලැබීමටද නියමිතයි.
පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබාදීමට එකගවී තිබේ.එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වන පිරිස එජාප සාමාජිකයන් ලෙස ඉදිරි පළාත් සභා මැතිවරණවලදී තරග කිරීමටද අවස්ථාව ලබාදෙන බවටද 04 වෙනිදා පැවැති එම පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ෆොන්සේකා මහතා පවසා ඇති අතර ඒ නිසා සියළු දෙනාට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවන ලෙස දැනුම්දී තිබේ.
මීට අමතරව සරත් ෆොන්සේකා මහතාට කැලණිය ආසන සංවිධායක ධුරයද ලබාදීමට නියමිතය. මේ වනවිටත් සරත් ෆොන්සේකා මහතා කැලණිය සංවර්ධන කමිටු සභාපති ධුරය උසුලයි.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close