Breaking News
Home / Gossip / සතුටින් වේගයෙන් ඇවිත් ‘ඉමේෂි සහ ශැරෝන්’ දුම්රියේ හැපුණු හැටි රියදුරු කියයි

සතුටින් වේගයෙන් ඇවිත් ‘ඉමේෂි සහ ශැරෝන්’ දුම්රියේ හැපුණු හැටි රියදුරු කියයි

පසුගිය මස 25 වැනිදා රාත්‍රියේ ඉමේෂි යසාරා පෙරේරා සහ ශැරෝන් වෙරෝනිකා ස්‌ක්‌වෙලින් සිසුවියන් දෙදෙනා දුම්රියට හසුවීම දිවි නසා ගැනීමක්‌ නොව අපරික්‍ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා වේගයෙන් දිවයෑම  නිසා සිදුවූ දෙයක්‌ බව දුම්රිය රියදුරා පවසනවා.
ඔවුන් ගැටුණු දුම්රියේ  රියදුරු වන විමල් පීරිස්‌ මහතා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ පැවති වැඩිදුර මරණ පරීක්‍ෂණයේ  සාක්‍ෂි දෙමින් මේ බව සඳහන් කළා.
“පැරකුඩා හෝටලය අසලදී තමයි මේ සිද්ධිය වුණේ. මම සාමාන්‍යයෙන් නලාව ශබ්ද කරගෙනයි ආවේ. මා දැක්‌කා දුම්රියේ වීදුරුවට පහළින් කෙනෙකු වේගයෙන් දුම්රිය මාර්ගය හරහා දුවගෙන එනවා. යමක්‌ දැක සතුටින් ඉතා වේගයෙන් එන විලාසයක්‌ තමයි මා දුටුවේ. මම දැක්‌කේ අඩි 12 ක්‌ පමණ ළඟින්. ඒ නිසා එක්‌කෙනයි මා දුටුවේ. මට ඇය කෝච්චියට වදින ශබ්දය ඇසුණා. ඉන් පසුව මම කෝච්චිය නවත්වා බැස බැලුවා. දුම්රිය නැවැත් වූ තැනින් තවත් මීටර් 25 ක්‌ පසුපසින් දේහයන් දෙකක්‌ හමුවුණා. ඒ දෙන්නාටම බරපතළ තුවාල සිදුවී තිබුණා. මට විශ්වාසයි එම දෙදෙනාම මා පැදවූ දුම්රියේ හැපී මියගිය බව. මෙය දිවි නසා ගැනීමක්‌ නොවේ. මෙය අපරික්‍ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා වේගයෙන් දිවයෑම නිසා සිදුවූ දෙයක්‌.” යනුවෙන් දුම්රියේ  රියදුරු තම සාක්ෂියේ දී ප්‍රකාශ කර තිබෙනවා.
දුම්රිය අනතුරින් මියගිය ඉමේෂි යසාරාගේ පෙම්වතා වන  සාමික හංසජිත් දෙහිවල පොලිසියට ලබාදුන් කටඋත්තරය ද සාක්‍ෂි මෙහෙයවීම සඳහා පැමිණි පොලිස්‌ කොස්‌තාපල්වරයා   විසින්  දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්‍ෂකවරයාට ඉදිරිපත් කරනු ලැබුවා.

 

මට අවුරුදු 19 ක්‌ පිරීම නිසා උපන් දින පාටියක්‌ සංවිධානය කළා. එය දෙහිවල පැරකුඩා හෝටලයේ මා සංවිධානය කරලා තිබුණේ. මම ඒ සඳහා එන ලෙසට යාළුවන්ට ආරාධනා කරලා තිබුණා. 25 වැනිදා රාත්‍රි 7.30 ට තමයි පාටිය පටන් ගන්න තිබුණේ. හවස කෝච්චියට හැපුණු ගැහැනු ළමයි දෙන්නත් මගේ පාටියට සහභාගි වීමට සිටියේ. මේ මියගිය ගැහැණු  ළමයින් දෙන්නගෙන් එක්‌ කෙනෙක්‌ වන ඉමේෂි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.මා එයත් එක්‌ක තමයි යාළුවෙලා ඉන්නේ. අනිත් එක්‌කෙනා මගේ යාළුවා. මම දන්නේ නැහැ මෙයාලා දෙන්නා කෝච්චියට වැදිලා කියලා.

 

එතන කෝච්චියක්‌ නවත්තලා තියෙනවා දැක්‌කා. මිනිසුන් වටවෙලා ඉන්නකොට අපි ගිහින් බැලුවා. මට හරියට එක පාරටම අඳුරගන්න බැරිවුණා. පස්‌සෙ තමයි මා දන්නේ මගේ ගෑනු ළමයයි මගේ යාළුවයි කෝච්චියට හැපිලා තියෙන්නේ කියලා. මගේ ගෑනු ළමයා පාසල් ගියේ බම්බලපිටිය හෝලිෆැමිලි ඉස්‌කෝලෙට.

 

ඇය මේ අවුරුද්දේ ඒලෙවල් විභාගය ලියන්න හිටියේ. අපේ ගෙදරින් දන්නවා අද පාටි එකක්‌ තියෙනවා කියලා. නමුත් යාළුවන් දෙන්නාගේ ගෙවල්වලින් දන්නවද කියලා නම් මම දන්නේ නැහැ. මම හිතන විදියට මේ දෙන්නා ගෙවල්වලට කියලා තමයි එන්න ඇත්තේ. ” යනුවෙන්  සාමික හංසජිත් ලබා දුන් කට උත්තරයේ සඳහන් වනවා.

 

එසේම මෙම අනතුරින් මියගිය ශැරෝන් සිසුවියගේ මිතුරකු වන පීටර් ඉයන් බොස්‌කෝ සිසුවා පොලිසියට ලබාදුන් කටඋත්තරයද පොලිසිය විසින් වැඩබලන හදිසි මරණ පරීක්‍ෂකවරයා වෙත භාරදුන්නා.
“මගේ යාළුවා වන සාමිකගේ උපන් දින පාටිය පැරකුඩා හෝටලයේ පැවැත්වීමට සූදානම් කරලා තිබුණා. එම පාටියට තමයි මාත් ආවේ. මා ඉස්‌කෝලේ යන්නේ බම්බලපිටිය ශාන්ත පීතර  විදුහලට. මාත් මේ අවුරුද්දේ ඒලෙවල් විභාගය කරන්න ඉන්නේ. කෝච්චියට හැප්පිලා මියගිය ශැරෝන් හා ඉමේෂි යන දෙන්නා මගේ යාළුවෝ. මම මේ පාටියට යනවා කියලා අපේ තාත්තයි, අම්මයි දෙන්නම දන්නවා. මියගිය මේ දෙන්නා ගෙවල්වලට කියල ආවද කියලා මම දන්නේ නැහැ. දෙන්නම මේ අවුරුද්දේ අපොස උසස්‌ පෙළ විභාගය ලියන්න හිටියේ.

 

මගේ යාළුවා සාමික මීට සති දෙකකට උඩදී තමයි මේ පාටිය ඕගනයිස්‌ කරලා තිබුණේ. මේ මියගිය යාළුවෝ දෙන්නත් ආවේ පැරකුඩා හොටලයේ පැවැත්වෙන බර්ත්ඩේ පාටියට. මම දැක්‌කේ නැහැ මේ දෙන්නා කෝච්චියට වදිනවා. පස්‌සේ ගොඩක්‌ කට්‌ටිය වටවෙලා ඉන්නවා දැක්‌කා. මම එතැනට ගියා. එතකොට තමයි මම දන්නේ කෝච්චියට හැපිලා තියෙන්නේ මේ දෙන්නා කියලා. මේ මියගිය යාළුවෝ දෙන්නා ආවේ මගේ කාර් එකේ. මේ දෙන්නව කාර් එකෙන් බස්‌සවලා මම කාර් එක පාක්‌ කරලා එන්න ගියා. එතකොට තමයි මේ දෙන්නා රේල් පාරෙන් පාර මාරුවෙන්න ගිහින් හැපිලා තියෙන්නේ.”පීටර් ඉයන් බොස්‌කෝ සිසුවා පොලිසියට ලබා දී ඇති ප්‍රකාශයේ එලෙස සටහන්ව තිබෙනවා.

ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙම මරණ දුම්රිය මාර්ගය හරහා දිවයෑම නිසා ධාවනය වන දුම්රියක ගැටීමෙන් හිසට, පපු පෙදෙසට සහ උදර ප්‍රදේශයට සිදුවූ විවිධ බරපතළ තුවාල හේතුවෙන් වූවක්‌ බවත්, මෙය හදිසි අනතුරක්‌ බවත් නිගමනය කරනු ලැබුවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close