Breaking News
Home / Gossip / සජින් වාස් හෝර්ටන් පෙදෙසේ නිවසකදී රහසිගතව මහින්ද රාජපක්ෂ හමුවෙයි.ලේඛන තොගයකට අත්සන් තබයි.

සජින් වාස් හෝර්ටන් පෙදෙසේ නිවසකදී රහසිගතව මහින්ද රාජපක්ෂ හමුවෙයි.ලේඛන තොගයකට අත්සන් තබයි.

රාජපක්ෂලා අතහැර මෛත්‍රී වෙත පැමිණි බව පෙන්වන රාජපක්ෂලාගේ වනචර දශකයේ කැපී පෙණුනු දූෂිතයෙක් වන සජින් වාස් ගුණවර්ධන පසුගිය 31 වෙනිදා උදෑසන රහසිගතව මහින්ද රාජපක්ෂ හමුවී ඇතැයි  වාර්තා වේ.

කොළඹ හෝර්ටන් පෙදෙසේ නිවසකට පැමිණි මහින්ද රාජපක්ෂ එහිදී සජින් වාස් මුණ ගැසුනේය. සාකච්ඡාව සඳහා සජින් වාස් කැඳවා ගෙන ආවේ මහින්ද පිලේ මන්ත්‍රී ලොහාන් රත්වත්තේ විසින් ඔහුගේ රියේ සඟවාගෙනය. 

රාජපක්ෂලාට කොහෙන් ලැබුණාදැයි පෙන්වා දිය නොහැකිව තිබෙන කළු සල්ලි තොගයක් මැතිවරණයට ලැබුණු මුදල් යයි කියා සාක්කියක් ලෙස සජින් වාස් ගුණවර්ධනට ඉදිරිපත් වන්නැයි මහින්ද රාජපක්ෂ කරන ලද යෝජනාවකට එහිදී සජින් වාස් කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඉන්පසු ඒ සඳහා කෙටුම්පත් කරන ලද ලේඛන කිහිපයක් ද මහින්ද විසින් සජින් වාස් වෙත ඉදිරිපත් කර තිබේ. පසුව එම ලේඛන රැගෙන බොරැල්ලේ තිබෙන තම කාර්යාලය වෙත ලොහාන් රත්වත්තේ සමගම පැමිණි සජින් වාස් එම ලේඛන තම ලිපි ශීර්ෂ වලට සකසා, තම අත්සන් සහ මුද්‍රා තබා, යලි ලොහාන් රත්වත්තේගේම රියේ නැගී හෝර්ටන් පෙදෙසේ නිවසට ගොස් මහින්ද රාජපක්ෂ වෙත බාර දී තිබේ. 

වත්මන් ආණ්ඩුව පත් වූ පසු සජින් වාස් ගුණවර්ධන අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි අතර පසුව ඔහු රජයේ සාක්කි කාරයෙක් වුනා යැයි පවසා ඇප මත නිදහස් කෙළේය. ඔහු රජයේ සාක්කි කාරයෙක් වුනා යයි කීවද ඒ කුමන නඩුවකදැයි මෙතෙක් හෙලි වී නැත. එවැනි නඩුවක් ද නැත. 

සජින් වාස්-මහින්ද රාජපක්ෂ රහසිගත සාකච්ඡාවෙන් හෙලිවන්නේ සජින් වාස් විසින් යහපාලකයන් ගොනාට අන්දවා තිබෙන සැටියකි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close