Breaking News
Home / Gossip / සංගා සිංහයෝ ගැන කියන සුපිරි කතාව

සංගා සිංහයෝ ගැන කියන සුපිරි කතාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ගැන තමන් දරන අදහස් ප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවියක් වන gulfnews වෙත ප්‍රකාශ කරලා තියෙනවා..

මෙහිදී සංගා කියලා තියෙනවා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට සහ දකුණු අප්‍රිකාවට හොඳ තරඟයක් ලබා දුන්නා කියලා.. ඒ වගේම සංගා කියනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අර්ධ අවසන් පුර්ව වටයට පැමිණෙනු ඇතැයි තමන් සිතනවා කියලත්..

ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සංගා කියන්නේ මේ වගේ දෙයක්..

“ශ්‍රී ලංකාව තීරණාත්මක තැනක ඉන්නේ ගිය ඉරිදා තරඟය පරාජය වීම නිසා. ඔවුන් බලාපොරොත්තු වුණා බැන්ගලෝර් ක්‍රීඩා පිටියේදී ලකුණු 160ක් 170ක් ලබා ගනිමින් කොදෙව් කණ්ඩායමට හොඳ තරඟයක් දෙන්න නමුත් ඒක කරන්න බැරි වුණා. හැබැයි තිසර සහ වැන්ඩර්සේ ධනාත්මක ලෙස ක්‍රීඩා කළා. අපිට ඉදිරියේදී තියෙන්නේ ලොකු තරඟ දෙකක්. ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ. හොඳ ශක්තිමත් කණ්ඩායමක් නිසා අපිට ලේසි වෙන එකක් නෑ. හැබැයි මිට වඩා අපි වෙහෙස මහන්සි වෙලා හොඳින් ක්‍රීඩා කළොත් අර්ධ අවසන් පුර්ව වටයට යන එක අමාරු වැඩක් වෙන එකක් නෑ..”

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close