Breaking News
Home / Gossip / සංගා මහේල යළි එක්වෙයි

සංගා මහේල යළි එක්වෙයි

රවින්ද ද සිල්වා මහතා කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස සහ උපදේශක ලෙස පත් කිරීමටද කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.

නව කි‍්‍රකට් කමිටුවට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ හෂාන් තිලකරත්න යන මහත්වරුන්ද පත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සනත් ජයසූරිය මහතා නව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කිරීමට ඔහුගේ නම කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා අද (11) යොමු කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

මේ වන විට අරවින්ද ද සිල්වා මහතා සභාපතිත්වය දරන තේරීම් කමිටුවේ සේවා කාලය ලබන 30 වැනිදායි අවසන් වීමට නියමිතයි.

නව තේරීම් කමිටුවට එරින් උපශාන්ත මහතාද පත් කිරීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

දැනට තේරීම් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරන රොමේෂ් කලුවිතාරණ, රංජිත් මදුරසිංහ සහ ලලිත් කලුපෙරුම යන මහත්වරුන්ද එම කමිටුවේ තවදුරටත් සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇති.

තේරීම් කමිටු සාමාජික කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේදී සරේ කණ්ඩායම නියෝජනය කරන බැවින් ඔහු එම කමිටුවෙන් ඉවත්වනු ඇති.

එළැඹෙන එංගලන්ත සංචාරයට එක් වන ශී‍්‍ර ලංකා සංචිතය සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් තෝරා ගැනීමට නියමිතව තිබෙන බවයි අනාවරණ වුණේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close