Breaking News
Home / Gossip / ශ‍්‍රීලනිපයේ යෝජනාවලට එජාපය හිස නමයි

ශ‍්‍රීලනිපයේ යෝජනාවලට එජාපය හිස නමයි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සංශෝධන සියල්ල පිළිගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) උදෑසන පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. 

අදාළ යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉකුත් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් වූ විවාදය අද (23) සහ හෙට (24) දින දෙකේදී සිදුකිරීමට නියමිතයි.

අනතුරුව අවශ්‍යතාවක් පැනනැගුණහොත් ඡන්ද විමසීමක් ද පැවැත්වෙන බව අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close