Breaking News
Home / Gossip / ශ්‍රි ලංකා ක්‍රිකට් සුක්කානම යළි චන්දිමාල්ට

ශ්‍රි ලංකා ක්‍රිකට් සුක්කානම යළි චන්දිමාල්ට

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පාකිස්තානය සමග අද (04) පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට පැවරෙනු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා.

ශී‍්‍ර ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් බංග්ලාදේශය සහ ඉන්දියාව සමග පැවති තරග දෙකටම සහභාගි වූයේ නැහැ.

එම තරග දෙකේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් විසින්. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ද මේ වන විට ආබාධයකට ලක්ව සිටින බවයි කි‍්‍රකට් ආරංචි කියා සිටියේ. 

මේ අතර අද (04) පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් ලසිත් මාලිංග බංග්ලාදේශයේදී මාධ්‍යවේදින් සමග ඊයේ (03) පස්වරුවේ අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ තණ තිල්ලේ ස්වභාවය අධ්‍යයනය කර තරගයට ඉදිරිපත් කරන අවසන් කණ්ඩායම තෝරා ගන්නා බවයි.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close