Breaking News
Home / Gossip / ශිරන්ති අධිකරණයට

ශිරන්ති අධිකරණයට

නව විමර්ශන ඔස්සේ හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට නොබෝ දිනකින් අධිකරණයේ පෙනී සිටීමට සිදුවන බව ආරංචි මාර්ග පවසයි.

“රාජපක්ෂලාගේ රත්රන්” යන මාතෘකාව බොහොමයක් අන්තර්ජාල වෙබ් අඩවි වල, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම දේශපාලන වේදිකාවල පවා කතා බහට ගැනුන කරුණක්. උතුරේ LTTE වල දමා තිබී සොයාගත් රත්රන් වලට මොකද වුණේ? තිහාරියේ කඩා වැටුණු හෙලිකොප්ටරයේ තිබුනේ කා සඳහා ප්‍රවාහනය කල රත්රන් ද?යන කතාබහ අදටත් රට තුල කතා බහට ලක්වන්නේ රාජපක්ෂලා පාලනයේ හොරකම් වල සත්‍ය රටට හෙළිදරව් වන තුරු බලා සිටින සාධාරණ මිනිසුන් රට තුල සිටින නිසාය.

මායිමක්, සීමාවක් නිර්ණය කිරීමට මැලිවී අවුරුදු ගණන් එක දිගට කතා කරන ඉඩම් නඩු ද ලාංකීය අධිකරණ තුල තවමත් ඇත. එවැනි කාල වකවානුවක නිසි ලෙස නීතිරීති වලට අනුව විශාල පරිමාණයේ වංචා තහවුරු කිරීමට ගතවන කාලය පිලිබඳ අපට නිගමනය කල නොහැක. එය දිනකින් දෙකකින් කල නොහැක්කේ විශාල පරිමාණයේ මූල්‍ය වංචා සූක්‍ෂම ලෙස සැලසුම් කර කල ඇති බැවිනි.

නමුත් සත්‍ය වසන් ඉකිරීමට කා හට වුවත් කල හැක්කක් නොවේ. රාජපක්ෂලාටද එසේමය. කාලය සමඟින් සියල්ල හෙළිවනු ඇත.

ශිරන්ති රාජපක්ෂ පිටුපස මුල්‍ය අපරාධ විමර්ශකයින් හඹා යන්නේද ශිරන්ති පිළිබඳව නව ආකාරයක විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේද ඇය සතු ආභරණ වල තක්සේරුව අසාමාන්‍ය වීමත් සමඟය. ශිරන්ති එක ආභරණ කට්ටලයක් පැළඳුවේ නම් එය නැවත පලඳා ඇත්තේ ඉතාම කලාතුරකිනි. දසකයක මතක සටහන් පිරික්සීමේදී ශිරන්තිගේ ඡායාරූප ඒ සියල්ලට සාක්ෂි දරනු ඇත.

නමුත් මේ වනවිට එම රත්රන් භාණ්ඩ වලින් බොහෝ කොටසක් අතුරුදහන් වී ඇත. ඒවා ආගිය තැනක් පිලිබඳ තොරතුරු නොමැති අතර ශිරන්තිට පවා ඇයගේ පසුගිය කාලයේ ගන්නා ලද ඡායාරුපවල ඇති ආභරණ පිලිබඳ තොරතුරු අමතක වී ඇත.

නමුත් තවත් මූල්‍ය වංචා වල සාක්ෂිද ඒ සමඟ හෙළිදරව්වන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. LTTEය භාරයේ තිබී සොයාගන්නා ලද රත්රන් ප්‍රමාණය පිළිබඳව වුවද රට වැසියාට එකල හෙළිදරව් වුවත් අදටත් ඒවාට සිද්ධ වුනු දෙයක් නම් නොමැත.

කෙසේ වුවද නව විමර්ශන ඔස්සේ ශිරන්ති රාජපක්ෂට නොබෝ දිනකින් අධිකරණයේ පෙනී සිටීමට සිදුවන බව වාර්තාවේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close