Breaking News
Home / Gossip / ශ්‍රී ලංකා හොකී පිරිමි කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙල නැවත විවර වෙයි

ශ්‍රී ලංකා හොකී පිරිමි කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙල නැවත විවර වෙයි

ශ්‍රී ලංකා හොකී පිරිමි කණ්ඩායමට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම වළක්වමින් දුන් වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය ඉවත් කර තිබේ.

පසුගිය 3 වන දා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා හොකී පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉන්දියාවට යාම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය නිකුත් කළේ ය.

දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේ, දිලුක මධුශංක වීරසූරිය යන ක්‍රීඩකයා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ය.

අදාළ පෙත්සමේ සඳහන් වූයේ, ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිරීමට හොකී ක්‍රීඩකයින් නිසි ලෙස තෝරා නොමැති බව ය.

එබැවින් ඔවුන්ගේ සහභාගී වීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා වීරසූරිය මහතා පෙත්සම ඉදිරිපත් කළේ ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close