Breaking News
Home / Gossip / ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි සැලසුම් ගැන සනත් ජයසුරිය පැහැදිලි කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි සැලසුම් ගැන සනත් ජයසුරිය පැහැදිලි කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යම්කිසි පසුබෑමක ඇති මොහොතක ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරු ලැබිම ලොකු අභියෝගයක් බවත් මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන්ගේ දැඩි කැපවීම හා එකමුතු බව වඩාත් වැදගත් බවත් හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය පවසයි.

ඇත්තටම මේක ලොකු අභියෝගයක්. මට අවශ්‍ය සියයට සියයක්ම ක්‍රීඩකයන්ගේ දායකත්වය. ඒක පුහුණුවීමේදී පමණක් නොවෙයි තරගවලදීත් අවශ්‍යයි. ඒ වගේම ක්‍රීඩකයන්ගේ විනය ඉහළ මට්ටමක පවත්වා ගත යුතුයි යනුවෙන්ද පවසන තේරීම් කමිටු සභාපති තමා මෙම තොරතුරු මුල්වරට දරන සමයේ කණ්ඩායම යම් ස්ථාවරයක තිබූ බවත් මේ වන විට ඊට වඩා තත්ත්වය වෙනස් බවත් විශේෂයෙන් පරිණත ක්‍රීඩකයන් ලෙස මහේල සහ සංගා ජගත් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමත් සමග ඇති වුණ මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් කර ගත යුතු බවත් පෙන්වා දෙයි.

දැන් අපට සිටින්නේ අත්දැකීම් අඩු කණ්ඩායමක්. ඔවුන් අපි ඉතාමත් ප්‍රවේශමෙන් රැක බලාගත යුතුයි. අපි තීරණ ගත යුත්තේ කෙටිකාලීන අවශ්‍යතා සඳහා නොවෙයි. අනාගතය සඳහා හොඳින් සැලසුම්සහගත තීරණ ගත යුතු බවත් ජයසූරිය පවසයි.

සනත් ජයසූරිය මීට පෙර තේරීම් කමිටු සභාපති ලෙස සිටින සමයේ ශ්‍රී ලංකා පිල ඕවර විස්ස – 20 ලෝක කුසලානය 2014දී බංග්ලාදේශයේ දී ලැබූ අතර වසර දෙකක සේවා කාලයට පසුව ඔහුට කණ්ඩායම හොඳ ස්ථාවරයකට පත් කොට එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි විය.

මෙම තනතුර මට අලුත් එකක් නොවේ. මීට පෙරත් මම වසර 2ක් මෙම තනතුරේ වැඩකරමින් ශ්‍රී ලංකා පිලට සේවය කළා. විශේෂයෙන් නවක ක්‍රීඩකයන් සමග මම එකට වැඩ කළා. ඔවුන් පිළිබඳ යම් අවබෝධයක් මට තියෙනවා.

විශේෂයෙන් මීට පෙර අරවින්ද ද සිල්වා ප්‍රමුඛ තේරීම් කමිටුව යම් සැලැස්මක් ඇතිව වැඩ කළා. ඒ සඳහා ද මම ඔවුන්ට යම් සහනයක් ලබා දුන්නා. මේ නිසා අරවින්ද ප්‍රමුඛ කමිටුව කරගෙන ආපු දේවල් අනාගතය සැලසුම් කොට සිදු කිරීමටයි අපි බලා‍පොරොත්තු වෙන්නේ. කොහොමටත් මේක ටිකක් භාරදූර කාර්යයක්. ක්‍රීඩකයන් සමග වැඩ කිරීමේදී බොහොම වගකීමෙන් වැඩ කළ යුතුයි. ඔවුන්ට ටික කාලයක් දිය යුතුයි යම් ස්ථාවරයකට ඒමට. විශේෂයන් දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා ඇති ක්‍රීඩකයන් පාසල් මට්ටමෙන් වගේම අන්තර් සමාජ මට්ටමින් හඳුනා ගැනීම වැදගත් යනුවෙන් පවසන ජයසූරිය ක්‍රීඩකයන් ගැන, ඔවුන්ගේ දක්ෂතා ගැන දැක ඔවුන් නිවැරදිව හඳුනාගැනීමේ වැදගත්කම පැහැදිලි කරයි.

සනත් ජයසූරියගේ නව පත්කිරීම පසුගියදා සිදු කළ ද ඔහුගේ පත්කිරීමට පෙර සති 2ක් පමණ මීට පෙර සිටි තේරීම් කමිටුව සමග ඉතා සමීපව කටයුතු කරනු ලැබූ බවත් එංගලන්ත ටෙස්ට් පිල නම් කිරීම ද හිටපු තේරීම් කමිටුව සිදු කළ ද එහිදී ජයසූරිය ද ඊට යම් දායකත්වයක් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.

මම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉහළට ගැනීමට අවශ්‍යයි යනුවෙන් ජයසූරිය පවසයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close