Breaking News
Home / Gossip / වෙලේ සුදාගේ හෙරොයින් හොරකම් කර කෝටිපතියන් වූ එස්ටීඑෆ් දූෂිතයන්

වෙලේ සුදාගේ හෙරොයින් හොරකම් කර කෝටිපතියන් වූ එස්ටීඑෆ් දූෂිතයන්

මුදලට ගිනි අවි ජාවාරමක නිරතව සිටි බවට සැකපිට විශේෂ කාර්ය බලකායේ (STF) පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලූ සිව්දෙනකු මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල 2 ක් සහ එම උණ්ඩ 29 ක් සමග මෝටර් රථයකින් යමින් සිටියදී 14 රාත්‍රියේ බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ දී පානදුර කොට්ඨාස නොවිසඳුනු අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

STF පිරිස මීට පෙර පිසේතෝලයක් අලෙවි කළ පුද්ගලයකු පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබු අතර තවත් ගිනි අවියක් ලබා ගැනීමට  ඔහු ලවා සැකකරුවන්ට ඇමතුම් ලබා දී ඇති අතර එම ඇමතුම අනුව තවත් පිස්තෝල සහ උණ්ඩ රැගෙන  පිරිස මෝටර් රථයකින්  පැමිණෙමින් සිටියදී  පොලිස් නිලධාරීන් මග රැක සිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

මෙම පොලිස් පරීක්ෂකවරයා පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයට අනුයුත්ව රාජකාරි කරන්නෙක් බවත් එම සෙසු පිරිස අතර පොලිස් සේවය අතහැර ගිය කොස්තාපල්වරයකු සිටි බවද  එම උසස් නිලධාරියා සඳහන් කළේය.

සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත්  ගිනි අවි නීති විරෝධී ගිනි අවි බවද එවා යේ අංක අනුව එල් ටී ටී ඊ සංවිධානයට අයත්  ඒවා බවට සැකකරන බවද  එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

ටී.එම්.යූ.බී තෙන්නකෝන් නැමැති මෙම පොලිස් පරීක්ෂක වරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් තෙන්නකෝන්ගේ බාල සොහොයුරාගේ පුතා වේ.

මෙම පොලිස් පරීක්ෂකවරයා මීට වසර තුනකට පමණ පෙර නීති විරෝධී ජාවාරම් සම්බන්ධයෙන් විනය හේතුන් මත විශේෂ කාර්ය බලකායෙන් ඉවත් කළ අයකු නමුත් පසුව ඔහු සාමාන්‍ය පොලිස් සේවයට එක්ව ඇත. එසේ වූයේ කෙසේද?

පොලිසිය අයත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්  තෙන්නකෝන් නම් ලොකු තාත්තාගේ අනුහසින් ඔහු නැවත විශේෂ කාර්ය බලකායටම එක් කරගෙන  ඇති අතර සැකකාර පොලිස් පරීක්ෂකවරයා  අත්අඩංගුවට පත් වන  තෙක්ම එම ලේකම්වරයාගේ  පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත.

අමාත්‍යාංශ ලේකම්වරයකුට පෞද්ගලික ආරක්ෂා නිලධාරීන් අනුයුත්ක නොකරන නමුත් තෙන්නකෝන් ලේකම්වරයාගේ බලපෑමට මොහු  ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත.

තෙන්නකෝන් දැනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නොවුනද  අත්  අඩංගුවට ගන්නා තෙක්ම ඔහු  එම තනතුරේ සිටියේ කාගේ හයියෙන්ද ? තවමත් ගෝඨාභයගේ අවතාර පොලිසියේ බලවත්ව සිටින බව ඉන් නොඇඟෙන්නේද?

මෙම ගිනිඅවි එල්.ටී.ටී.ඊ ගිනි අවි බවට සැකකරන අතර මොවුන්ට ආධාර අනුබල ලබාදුන් බව කියන විශේෂ කාර්ය සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ද නමද හෙළි වී ඇත.

එකී සහකාර පොලිස් අධිකාරිගේ මැදිහත්වීමෙන් සහ උපදෙස් මත මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇත.

වත්මන් පොලිස්පතිවරයා හිස් මුදුනේ තබාගෙන සිටිමින් රටේ පාතාලය තුරන් කිරීමට යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ සැබෑ නිරුවත මෙම සිද්ධියෙන් හෙළි වේ.

වෙලේ සුදාගේ කුඩු හොරකම් කළ එස්ටීඑෆ්

විශේෂ කාර්ය බලකායේ මාෆියා කාරයන්ගේ නිරුවත හෙළි වු පළමු අවස්ථාව මෙය නොවේ.  ඉකුත් වසරේ පොසොන් පොහෝදින කැලයේ දී අත්අඩංගුවට ගත් හොරොයින් තොගය පිළිබඳ මාධ්‍ය වෙත පුරසාරම්  දෙඩුවද ඒවා වැටලීමක් නොව තමා විසින් විශේෂ කාර්ය බලකාය වෙත ලබා දුන් හෙරොයින් යැයි වෙලේ සුදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේ කවුරුත් මවිතයට පත්කරමිනි.

මොහොමඩ් සිද්ධික්ට අයත් මෙම මත්කුඩු තොගයෙන් විශාල මත්කුඩු තොගයක් විශේෂ කාර්ය බලකාය විසින්  සොරාගෙන ඇති බව ද වෙලේ සුදා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.

වෙලේ සුදාගේ මෙම ප්‍රකාශයෙන්  විශේෂ කාර්ය බලකායේ තටු සිඳුනද පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයකු වන හෙයින්  ඔහුගේ අනුහසින් මෙතරම් විශාල චෝදනාවක් එල්ල වී ඔවුන්ගේ බොරුව අතේ පත්තු වුවද  විශේෂ කාර්ය බලකායේ එම ‘වැටලීම්‘ කළ දූෂිත නිලධාරීන් අදටත් යහතින් සිටිති.

එපමණක් නොව එම නිලධාරින් අද යාන වාහන  ඉඩකඩම් වලින් හෙබි කෝටිපතියෝ වෙති. මොවුන් මේ අකාරයෙන් ධනවතුන් වුයේ කෙසේද යන්න ගැන නිසැකවම පරීක්ෂණ කළ යුතුය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close