Breaking News
Home / Gossip / විස්සයි20 ක‍්‍රිකට් ශූරතාවය කොළඹට

විස්සයි20 ක‍්‍රිකට් ශූරතාවය කොළඹට

අන්තර් කළාප විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලූ 8 ක ජයක් ලබාගත් කොළඹ කණ්ඩායම 2015/16 අන්තර් කළාප විස්සයි20 ක‍්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට අද (05 වැනිදා) සමත්විය. මෙම තරගය ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්විණ.
මුලින්ම පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 143 කට සීමා කිරීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ. දකුණත් පිතිකරු දිනේෂ් චන්දිමාල් නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 53 කදී හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 60 ක් රැස් කිරීමට සමත්විය.

දකුණතින් වේගපන්දු යවන ක‍්‍රීඩක ශමින්ද එරංග  ඕවර හතරකදී ලකුණු 27 කට කඩුලූ හතරක් බිද හෙළීමට සමත්විය. තුන්වන කඩුල්ල සදහා ලකුණු 51 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දිනේෂ් චන්දිමාල් සහ උදාර ජයසුන්දර සමත්වූහ.
ලකුණු 144 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම  ඕවර 16.4 කදී කඩුලූ 2 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. වමත් පිතිකරු ශෙහාන් ජයසූරිය වේගවත් ඉනිමක් ක‍්‍රීඩාකරමින් පන්දු 47 කදී හතරේ පහර හතක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැුස්කර ගත්තේය. ධනංජය ද සිල්වා පන්දු 32 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41 ක් රැුස්කර ගැනීමට සමත්විය. දෙවන කඩුල්ල සදහා පන්දු 65 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ශෙහාන් ජයසූරිය සහ ධනංජය ද සිල්වා සමත්වූහ.
අවසන් තරගයේ දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ කණ්ඩායමේ ශමින්ද එරංගට හිමිවූ අතර තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ කණ්ඩායමේ ධනංජය ද සිල්වාට හිමිවිය.
ගාල්ල කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 143
(දිනේෂ් චන්දිමාල් 60, උදාර ජයසුන්දර 21, ශමින්ද එරංග 27/4)

කොළඹ කණ්ඩායම –  ඕවර 16.4 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 147
(ශෙහාන් ජයසූරිය නොදැවී 62, ධනංජය ද සිල්වා 41, මිලින්ද සිරිවර්ධන නොදැවී 24)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close