Breaking News
Home / Gossip / විස්සයි විස්ස ලෝක කුසලානයේ කාටවත් නැවත දකින්න ලැබෙන්න නැති පහ ප්‍රසිද්ධ වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ කාටවත් නැවත දකින්න ලැබෙන්න නැති පහ ප්‍රසිද්ධ වෙයි

මෙවර 2016 ලෝක කුසලාන තරගාවලියේ වැඩියේ නොදැක්ක සිද්ධි පහක් ගැන තමා මේ කියන්න යන්නේ.

01. ටීම් සවුති සහ ට්‍රේන්ට් බෝල්ට්

Boult

නවසීලන්ත කණ්ඩායමේ දක්ෂ වේග පන්දු යවන්නන් දෙපළක් තමා ටීම් සවුති සහ ට්‍රේන්ට් බෝල්ට්. මෙවර ලෝක කුසලාන සංචිතයට මොවුන් දෙදෙනාත් හිටියා. හැබැයි ඉන්දියානු ක්‍රීඩාංගන සියල්ල දඟ පන්දු යවන්නන්ට උචිත නිසා මොවුන් දෙදෙනාට ලැබුණේ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ඉන්න. කිසිම තරගයකට මොවුන් දෙදෙනා සහභාගී නොවීම විශේෂත්වයක්..

02. ඩෙල් ස්ටෙයින්

steyn-1459501279-800

ඩෙල් ස්ටෙයින් කියන්නේ දකුණු අප්‍රිකාවේ ඉන්න හොඳම වේග පන්දු යවන්නා. ICC ශ්‍රේණිගත කිරීම්වලත් මොහු ඉන්නේ ඉදිරියෙන්. හැබැයි මොහුට එංගලන්තය සමඟ පැවති පළමු තරගයෙන් පස්සේ  කිසිඳු තරගයක් ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. ඒකට හේතුව එංගලන්තය එක්ක තිබ්බ තරගයේදී ඔහුගේ පළමු පන්දුවාර දෙකට ලකුණු 35ක් ලබා දීම වෙන්න පුළුවන්…

03.සුරේෂ් රෙයිනා

Suresh

ඉන්දියාවේම ක්‍රීඩාංගනවල පන්දුවට හොඳින් පහරදෙන ක්‍රීඩකයෙක් තමා සුරේෂ් රෙයිනා කියන්නේ..හැබැයි රෙයිනා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ක්‍රීඩා කළ කිසිඳු තරගයක් සාර්ථක වුණේ නැහැ. තරග හතරකට ක්‍රීඩා කළ ඔහු ලබා ගත්තේ ලකුණු 41ක් පමණයි..මේ නිසා අර්ධ අවසන් පුර්ව වටයේදී රෙයිනාට තමන්ගේ තැන අහිමි වුණා..

04.එංගලන්ත කණ්ඩායමේ හඹා යාම

engsa-1459501370-800

එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ ඉලක්කය හඹා යන හොඳම කණ්ඩායම බවට පත් වුණා. දකුණු අප්‍රිකාව ලබා දුන් ලකුණු 229ක ඉලක්කය ඉතා විශිෂ්ඨ අන්දමින් හඹා යාමට එංගලන්තයට හැකි වුණා. මේ නිසා එංගලන්ත කණ්ඩායම පන්දුවට එළව එළව පහරදෙන කණ්ඩායමක් වෙලා තියෙනවා..

05. ඇෆ්ගනිස්ථානයේ ජය

afghan-1459501452-800

2016 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරන්න හැකි වු එකම කණ්ඩායම ඇෆ්ගනිස්තානය පමණයි. ලෝකෙම පුදුම කළ මේ තරගය කොදෙව්වන් පැරදුනේ අන්ත අසරණ විදියට. ඒ නිසා ලෝක ශුරයන් පරාද කළ ඇෆ්ගනිස්ථානය මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායම ලෙස ක්‍රිකට් පොතේ ලියවෙනු ඇති..

About Tech Lanka

Check Also

untitled-2

Breaking News : දුමින්ද සිල්වා හෙට එලියට

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට වැරදිකරු වී මරණ දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා හෙට (11) …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close