Breaking News
Home / Gossip / විශ්ව විද්‍යාල සිසුන්ට රැවුල වැවීම තහනම් – මෙන්න අලුතින් එන ආචාර ධර්ම

විශ්ව විද්‍යාල සිසුන්ට රැවුල වැවීම තහනම් – මෙන්න අලුතින් එන ආචාර ධර්ම

Sri Lanka University & Campus Photos www.lankauniversity-news.com

යාපනය විශ්ව විද්‍යාලයේ  සිසුන්ට රැවුල වැවීම තහනම් කරමින් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය  සුදානම් වන බව එම විශ්ව විද්‍යාලයේ  ශිෂ්‍ය සංගම් පවසනවා.

මේ සඳහා සිසු සංගම් දැඩි විරෝධය පළ කර තිබෙනවා.

පාලන අධිකාරිය පවසන්නේ  සිසුන්ගේ ඇඳුම් පැළඳුම්,කොණ්ඩය සහ රැවුල බෑම සිසුන්ගේ සංස්කෘතියට අනුව සිදුවිය යුතු බවයි.

සිසුවියන් සිකුරාදා දිනයට සාරි වලින් සැරසී විශ්ව විද්‍යාලයට පැමිණිය යුතු බවත් සර්ව ආගමික වැඩ සටහන් වලට සියලුම දෙනා සහභාගි වියයුතු බවත් නව ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වන බවයි සිසුන් පවසන්නේ.

මේ  සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය වී.ඥාණකුමරන් පැවසුවේ අදාළ අචාර ධර්ම පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ  ශිෂ්‍ය සංගම් සමග කෙරෙන සාකච්ඡාවකින් පසුව බවයි

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close