Breaking News
Home / Gossip / විරාත් අංක 18 තෝරාගන්න ඇත්තම හේතුව හෙළිවෙයි

විරාත් අංක 18 තෝරාගන්න ඇත්තම හේතුව හෙළිවෙයි

ඕන දරුවෙක්ට තමන්ගේ ජීවිතේ පළමුවැනි වීරයා තමන්ගේ තාත්තා.

මොකද ඒ දරුවා තාත්තාගේ ක්‍රියාකළාපය තමයි එයා වැඩිපුරම දකින්නේ. ඒ විදිහට තමන්ගේ තාත්තාට ආදරය කරපු තවත් කෙනෙක් තමයි විරාත් කෝලි කියන්නේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන විරාත් කෝලිගේ පියාගේ වෘත්තියෙන් ඉන්දියාවේ හිටපු අපරාධ පිළිබද හොද නීතිඥයෙක්. නමින් ඔහු ප්‍රේම් කෝලි. විරාත්ගේ පියා තමයි විරාත්ව ක්‍රිකට් වලට පොඩි කාලේ ඉදලා යොමු කරලා තියෙන්නේ. විරාත් කෝලිගේ මව ගෘහනියක්. ඒ වගේම ඔහුට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා.

පියාගේ රැකවරණයේ කෝලිත් ඔහුගේ පවුල් සතුටින් ජීවත්වෙමින් ඉන්නකොට 2006 අවුරුද්දේ දෙසැම්බර් 18 වැනිදා ප්‍රේම් කෝලි හදිසියේම ජීවිතයෙන්  සමුගන්නවා. එතකොට කෝලිගේ වයස අවුරුදු 18යි.

ඉතිං තමන්ගේ පියාගේ අවසන් මතක දිනයත් ඔහුගේ වයසත් ක්‍රිකට් ජීවිතයේ ඔහුගේ අංකය බවට පත්වෙන්නේ ඔන්න ඔය හේතුව නිසයි.

මේ නිසා අදටත් විරාත් කෝලි ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජර්සියත්, දිල්ලි ක්‍රිකට් කණ්ඩායමේ ජර්සියෙත්, රෝයල් චැලන්ජර්ස් බැංගලූර් ජර්සියෙත් සටහන් කරගෙන ඉන්න ඉලක්කම අංක 18යි.

 

20141124012415_54723b678c664

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close