Breaking News
Home / Gossip / විමල් වීරවංශ කියන්නෙ අමු දූෂිතයෙක් – හැරී ජයවර්ධන

විමල් වීරවංශ කියන්නෙ අමු දූෂිතයෙක් – හැරී ජයවර්ධන

‘විමල් වීරවංශ කියන්නෙ බංකොලොත් දේශපාලඥයෙක්. මොලයක් නැති ඔලුවක ලොකු කටක් එයාට තියෙනවා. මිනිහ වටේ ඉන්න මීඩියා කාරයොත් එයා වගේම පිරිහිච්ච උදවිය. ඒක නිසා තමයි මේ වගේ අමූලික බොරු එයාලගෙ මාධ්‍යවලින් ප්‍රචාරය කරන්නෙ’ යනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා ‘ලංකා නිවුස් වෙබ්’ වෙත අදහස් ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංශ මහතාට අයත් යැයි කියවෙන වෙබ් අඩවියක් හැරී ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පලකර තිබූ පුවතකට ප්‍රතිචාර දක්වමිනි.

එම පුවතින් කියවෙන ආකාරයට හැරී ජයවර්ධන මහතා 1990 රාජ්‍ය ස්කාගාර සංස්ථාව මිලදී ගත් තැන් පටන් රේගුවට වංචා කරමින් මේ දක්වා රුපියල් බිලියන මතුනොව රුපියල් ට්‍රිලියන ගණනක ආදායමක් ශ්‍රී ලංකා රජයට අහිමි කොට තිබේ. එම පුවතේ සබැඳිය පහතින් දැක්වෙන අතර එම පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව හැරී ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී,

‘මට රාජ්‍ය ස්කාගාර සංස්ථාව ප්‍රේමදාස ජනාධිපතිතුමා තෑගි දුන්නෙ නෑ. මම ඒක ගත්තෙ කොටස් වෙළඳපොලෙන්. එදා ඉදල අද දක්වා ශ්‍රී ලංකා රජයට ගෙවියයුතු හැම බදු මුදලක්ම හිග නැතුව අන්තිම සතේට අපි ගෙවල තියෙනවා. ලංකාවෙ වැඩිපුරම ආදායම් බදු ගෙවන ව්‍යාපාරිකයා මම. අපේ ගුදම් දිනපතා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඒ අය කිසිම අවස්ථාවක අපි වංචාවක් කලා කියල චෝදනා කරල නෑ. මේ ව්‍යාපාරය ඩැහැ ගන්න බලන් ඉන්න අය ගොඩක් නිසා මම ඉතාමත් පරිස්සමින් වැඩ කරන්නෙ’ යනුවෙන් හැරී ජයවර්ධන මහතා සිය අදහස් පල කර සිටියා.

‘මට ඔහොම චෝදනා කරන විමල් වීරවංශ අමුදූෂිතයෙක්. එයාගෙ බිරිඳට පාස්පෝට් දෙකක් තියෙනවා. එකක් හදල දුන්නෙ විමල් වීරවංශ කියල එයාගෙ වයිෆ්ම රහස් පොලිසියට කියල තියෙනවා. විමල් වීරවංශට අයිඩෙන්ටිකාඩ් 2 ක් තියෙනවා. වීරවංශ එයාර්පෝට් එකෙදී අහුවෙච්චි වෙලාවෙ රජයේ ඉහලම තැනැත්තෙක් තමයි බේරුවෙ. නැත්තන් තාම ඇතුලෙ. හෙට අනිද්දට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු දැම්මම එයාගෙ කැරැට්ටුව මුළු රටටම දැන ගන්න පුළුවන් වේවි’ තවදුරටත් හැරී ජයවර්ධන මහතා කියා සිටියා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close