Breaking News
Home / Gossip / විමල්ගේ දියණිය සමග පෙමින් බැදුන වරදට නිවසේ තරුණයාට අත් වූ මරණය

විමල්ගේ දියණිය සමග පෙමින් බැදුන වරදට නිවසේ තරුණයාට අත් වූ මරණය

විමල් විරවංශගේ නිවසේ රැදී සිටි තරුණයෙකු තම දියණිය සමග පෙමින් බදුන වරද නිසා එම තරුණයාව මරා දමිමමට තරම් විමල් ඇතුළු තම පවුල කටයුතු සිදු කර ඇත.

මේ වන විට වාර්තා වන ආකාරයට තම දියණිය සමග මිය ගිය තරුණයා එකට සිටිනු දැක ඇති ශෂී විරවංශ එම තරුණයාට පහර දීමට ආරක්ෂක නිලධාරීන්ට පවසා ඇත.එලෙස පහර කමට ලක් වූ තරුණයා රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි අතර ඔහුගේ  මළ සිරුර නිල් පැහැ ගැන්වී තිබී ඇත.රෝහල් ප්‍රකාශකයෙකු  පවසා සිටියේ මළ සිරුරේ නහයෙන් ලේ ඇවිත් තිබූ බවත්, කිසිවෙක් එම ලේ පිසදා තිබුණු බවත්ය. බෙල්ලේ දකුණු පසද, වම් පස පිට පැත්තට වන්නට උරහිස අසලද, බඩ දෙපසේද නිල් පැහැ ගැන්වී ඇති තැලුම් පහරවල් වල සටහන් තිබුණු බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට තරුණයාගේ මරණය සැක සහිත බැවින් සිරුර කපා මරණයට හේතුව සොයා ගැනීමට කටයුතු කරමින් සිටින අතර හෙට සිරුර ගැන වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරෙනු ඇත. පොලිසිය අද සවස විමල් වීරවංශගේ බිරිඳ ශෂී, පුතා විභූති සහ නිවසේ මෙහෙකාරියක් පොලිසියට කැඳවා ප්‍රශ්න කරමින් සිටියේ ය. තවමත් කිසිවෙක් අත් අඩංගුවට ගත්තේ නැති නමුත් නීතිඥයන් දෙදෙනෙකු පැමිණ ප්‍රශ්න කිරීම් වලට බාධාකාරී ලෙස හැසිරී තිබේ.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close