Breaking News
Home / Gossip / විනය පරීක්‍ෂණය තියන්නත් පෙර මාලිංගට අහිමි වූ දේ

විනය පරීක්‍ෂණය තියන්නත් පෙර මාලිංගට අහිමි වූ දේ

පාදයේ ආබාධයකට ලක්‌ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (20 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට කැඳවා තිබුණද එහිදී ඔහුට කිසිදු විනය පරීක්‍ෂණයක්‌ සිදු කර නොමැති වුවත් ඔහුගේ ආබාධිත තත්ත්වය පිළිබඳව විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කොට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සම්බන්ධව සහ අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් ලසිත් මාලිංග මාධ්‍ය ඔස්‌සේ කළ ප්‍රකාශ පිළිබඳව විනය පරීක්‍ෂණයක්‌ පවත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් කියා සිටියත් ඒ සම්බන්ධව කිසිදු පියවරක්‌ මෙතෙක්‌ අනුගමනය නොකිරීම විශේෂත්වයකි.

ලසිත් මාලිංගගේ පාදයේ ඇති වී තිබෙන ආබාධිත තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෛද්‍ය කමිටුවක්‌ මගින් ඊයේ නවලෝක රෝහලේදී විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කොට තිබේ. කෙසේ වෙතත් මාලිංගගේ ආබාධිත තත්ත්වය සුවවීමට තවත් මාස හතරක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ ගතවන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇතැයි තවදුරටත් කළ සොයා බැලීමකදී අනාවරණය විය.

ඒ අනූව ලසිත් මාලිංගට ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සංචාරය, ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සමග තරගාවලිය අහිමි වේ. මීට අමතරව ලබන දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු සංචාරයට මාලිංගට ක්‍රීඩා කිරීමට හැකිවේද යන්නත් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතවී තිබේ.

අසේල විතාන
දිවයින

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close