Breaking News
Home / Gossip / විජයකලා ගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

විජයකලා ගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

ප‍්‍රභාකරන් මියගියේ නැතැයි විවිධ පාර්ශ්ව සිදු කරන ප‍්‍රකාශ එතරම් සැලකිල්ලට ගත යුතු ඒවා නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනවා.

සති අන්ත ජාතික පුවත්පතකට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේ්ෂ්වරන් මහත්මිය කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.

 

අදාළ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කර ඇත්තේ තමන් ප‍්‍රභාකරන් මිය ගියා යැයි විශ්වාස නොකරන බවයි. ප‍්‍රභාකරන්ගේ මරණ සහතිකයක් ඉදිරිපත් කරන්නේ නම් තමන් එය විශ්වාස කරන බවද ඇය ප‍්‍රකාශ කළ බව අදාළ පුවත්පතේ සඳහන්.

 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසුමට ප‍්‍රතිචාර දැක්වූ ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ මරණ සහතික නොමැති, මියගිය පුද්ගලයන්  ඕනෑතරම් සිටින බවයි. කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිළ වශයෙන් ප‍්‍රකාශයක් ලබා දිය නොහැකි බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close