Breaking News
Home / Gossip / වාසුදේවගේ මැයි දින වර්ජනයේ රහස හෙළිවෙයි

වාසුදේවගේ මැයි දින වර්ජනයේ රහස හෙළිවෙයි

සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කිරුලපන මැයි රැලියට සහභාගී නොවී කියුබාවට යාමට තීරණය කලේ කිරුලපන රැලියේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාර දීම නිසා ඇතිවූ සිත් වේදනාවෙන් බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමට වාසු ,විමල් වීරවංශ , ගම්මන්පිල , ඩලස් ,දිනේෂ් ඇතුළු නායකයින් වැඩි දෙනා විරුද්ධ වූ නමුත් මහින්ද රාජපක්ෂ මහතා කිසිවකුට කන් නොදී බැසිල් රාජපක්ෂ මහතාට එම අවස්ථාව ලබාදී ඇති බවයි බවයි එම වාර්තා පවසන්නේ. මේ නිසා අනිකුත් නායකයින් බොහෝ දෙන සිටින්නේ කලකිරීමෙන් පසුවන බවද එම වාර්තා හෙළිකරනවා.

මෙම කණ්ඩායමේ අනෙක් නායකයන්ට අවශ්‍ය වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළම රදවා තබාගෙන එහි නායකත්වයට ගෙන එම වුවද බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය වී ඇත්තේ පක්ෂය කඩා වෙනම පක්ෂයක් සැදීමට බවට ද චෝදනා නැගී ඇති බවද සදහන්.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාද පසුගියදා අදහස් දක්වා තිබුණා. ඔහු කියා සිටියේ අතීතයේ තමන් අතින්ද වැරදි සිදුවූ බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close