Breaking News
Home / Gossip / වාර්තා අතර ශ්‍රී ලාංකිකයන් පෙරමුණේ – ආසියානු කුසලාන නොමැකෙන මතක

වාර්තා අතර ශ්‍රී ලාංකිකයන් පෙරමුණේ – ආසියානු කුසලාන නොමැකෙන මතක

1986 වසරේ පැවැති ආසියානු කුසලාන ජය ගැනීමෙන් අනතුරුව යළිත් ආසියානු ශූරතාවක ජයග්‍රාහී මුද්‍රාව තැබීමට ශ්‍රී ලංකාවට තවත් වසර 11 ක කාලයක්‌ හෙවත් 1997 වසර පැවැති තරගාවලිය වෙනතෙක්‌ ඉවසා සිටීමට සිදුවිය. ඉන්දු-පාකිස්‌තාන දේශපාලම ගැටුම් මත 1993 වසරේදී පාකිස්‌තානයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය අවලංගු කෙරුණු අතර 1997 තරගාවලිය දක්‌වා පැවැති ආසියානු කුසලාන තරගාවලි ත්‍රිත්වයෙහිම ශූරතා දිනා ගැනීමට අසල්වැසි ඉන්දීය කණ්‌ඩායම සමත්විය. ඉන්දියාව ශූරතාව දිනාගනු ලැබූ එම තරගාවලි 3 න් 2 කදීම අනුශූරතාවට පත්වූයේ ශ්‍රී ලංකාවය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ස්‌වර්ණමය යුගය වශයෙන් හැඳින්වූ 90 මැද භාගයේදී ශ්‍රී ලංකාවේ පිලේ පිතිකරණය, පන්දු යෑවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වම ඉතා විශිෂ්ඨ තත්ත්වයේ පැවතිණ. එම කරුණු ත්‍රිත්වයට අමතරව කණ්‌ඩායමේ විනයද ඉතාමත් ඉහළ තත්ත්වයක විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1996 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකිවිය.

මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැඩි තරග සංඛ්‍යාවක්‌ පැවැත්වීමේ අවස්‌ථාව උදාවූ අතර එහිදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ දක්‍ෂතාවලට වඩා කෙතරම් ප්‍රබල තත්ත්වයේ සිටියේ දැවි කිවහොත් එම වකවානුවේ පැවැති සියලුම තරග වාගේ ඉන්දීය පිල අන්ත පරාජයකට පත් කරමින් ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත්විය.

ශ්‍රී ලංකාවේ ප්‍රබලම අවිය බවට පත්වූයේ ප්‍රබල පිතිකරණ ලැයිස්‌තුව වූ අතර, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම සහ හෂාන් තිලකරත්න එම බලඇණියේ ප්‍රධාන අවි බවට පත්වී සිටියහ.

ඉන්දියාව සමග වූ එම අවසන් මහ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්‌ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ක්‌ දැවී ලකුණු 240 ක ඉලක්‌කයක්‌ ශ්‍රී ලංකාවට ලබාදීමට සමත්විය. එවකට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පිතිකරණ ශක්‌තිය බැලීමේදී මෙම ලකුණු සංඛ්‍යාව කිසිසේත්ම ජයග්‍රාහී ඉලක්‌කයක්‌ නොවන බව පැහැදිළිවම පෙනුණේ ලකුණු හඹා යැමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දක්‌වන ලද දක්‌ෂතා පිළිබඳ බැලීමේදීය.

මාවන් අතපත්තු(63) සමග ඉනිම ආරම්භ කළ සනත් ජයසූරිය(පන්දු 52 කදී ලකුණු 63 ක්‌) පළමු කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 137 ක්‌ වශයෙන් සටහන් විය. අනතුරුව දැවී ගිය එකම පිතිකරුවා බවට පත්වූයේ අරවින්ද ද සිල්වා(06) පමණක්‌ වන අතර අතපත්තු සමග එක්‌වූ නායක රණතුංග ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු වන තෙක්‌ සිය කඩුලු ආරක්‍ෂා කර ගැනීමට සමත්වූහ. මෙහිදී අර්ජුන පන්දු 66 කදී වේගවත් ලකුණු 62 ක්‌ ලබාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමේ නොදැවී සිටි මාවන් අතපත්තුට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

මෙතෙක්‌ පැවැති ආසියානු කුසලාන තරගාවලිවලදී වැඩිම ලකුණු රැස්‌ කරන ලද පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු වන සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් සමත්වී සිටීම කැපී පෙනෙයි. ජයසූරිය ආසියානු කුසලාන තරග 25 කට සහභාගිවෙන් මුලු ලකුණු 1220 ක්‌ රැස්‌කරගෙන තිබෙන අතර සාමාන්‍ය 53.04 ක්‌ වශයෙන් සටහන් වේ. ශතක 6 ක්‌ සහ අර්ධ ශතක 3 ක්‌ද එයට ඇතුළත්ය. තරග 24 කට සහභාගිවී ඇති කුමාර් සංගක්‌කාර මුලු ලකුණු 1075 ක්‌ ලබා එම ලැයිස්‌තුවේ දෙවැනි ස්‌ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම ලකුණු ලාභී ක්‍රිඩකයන් 5 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් නෙකුම ඇතුළත්වීම කැපී පෙනෙයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close