Breaking News
Home / Gossip / වසර 12 ඇතුළෙ මට තනියම විඳගන්න වුණු සමහරක්‌ දේත් තියෙනවා.ඒ ගැන දන්නේ මම විතරයි – මාලිංග කට අරියි

වසර 12 ඇතුළෙ මට තනියම විඳගන්න වුණු සමහරක්‌ දේත් තියෙනවා.ඒ ගැන දන්නේ මම විතරයි – මාලිංග කට අරියි

මම ක්‍රීඩා කරපු වසර 12 ක කාලයේදී කිසිම දවසක මම ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන්වත් දඩයක්‌, තහනමක්‌ ලබපු කෙනෙක්‌ නොවෙයි. මම හැමදාම කටයුතු කළේ ක්‍රීඩාවේ අදාළ නීති රීතිවලට අනුවයි. අයි.පී.එල් කියන්නේ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් අනෙක්‌ රටවල ක්‍රිකට්‌ පරිපාලනයන් එක්‌ක අවබෝධයෙන්, අනුදැනුමෙන් යුතුව මෙහෙයවන තරගාවලියක්‌. මාව ක්‍රීඩක වෙන්දේසියෙන් යම් කණ්‌ඩායමකට අයත් වුණාට පස්‌සේ ඒ තරගාවලියට අදාළ නිර්දේශයන්ට යටත්ව මට කටයුතු කරන්න වෙනවා. මම ඉන්දියාවට ගිහින් අයි.පී.එල් එකේ සම්මත වෛද්‍ය පරීක්‍ෂණයට මුහුණ දුන්නා. මොකද එම තරගාවලිය සමඟ බැඳීසිටින අයෙක්‌ හැටියට එය මම කළ යුතු දෙයක්‌ නිසා. එපමණයි. නමුත් කනගාටුවට කරුණ මේ සම්බන්ධයෙන් සමහරෙක්‌ තමන් කැමැති කැමති නිර්වචනයන් දෙන එකයි’ යෑයි ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ඊයේ සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියා.

ලසිත් මාලිංග මෙම ඉන්දීය ගමන සම්බන්ධයෙන් හෝ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තමන්ට දැනුම් දීමක්‌ කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඊයේ නිවේදනය කළ අතර ලොව ඕනෑම තැනක ක්‍රිකට්‌ නැරඹීම වෙනුවෙන් හෝ පුහුණුවක්‌ සඳහා සහභාගි වීමක්‌ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ බාධාවක්‌ නොමැති වුවද, යම් හෙයකින් තරගයක ක්‍රීඩා කිරීම පිණිස නම් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විසින් නම් කරන ලද වෘත්තීය වෛද්‍ය මඩුල්ලක නිර්දේශය සහ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් භෞත චිකිත්සක, අභ්‍යාසක, පුහුණුකරු සහ තේරීම් කමිටුවේ නියමය මත පදනම් වූ එකඟතාව පළකිරීමේ ලියවිල්ලක්‌ අවශ්‍ය බවද ඒ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණි.

මේ අතර මෙම 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් නම් කළ වෛද්‍ය විශේෂඥ මඩුල්ලක්‌ ඉදිරියට වාර්තා කරන ලෙසින් ලසිත් මාලිංගට දන්වා ඇතැයිද එම නිවේදනයේ සඳහන් විය.

එහෙත් එවැනි දැනුම්දීමක්‌ තමන්ට මේ වන තුරු ලැබී නැතැයි මාලිංග පවසයි.

ලසිත් මාලිංග විසින් ඉකුත් සමයේදී මාධ්‍ය හමුවේ දක්‌වන ලද අදහස්‌ සම්බන්ධයෙන්ද ඔහුගෙන් නිදහසට කරුණු විමසා යෑවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ඊයේ නිකුත් කළ අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.

‘ඇත්ත ඇතුලේ සුරතල් වචන නැති වෙන්න පුළුවන්. සමහරවිට කෙනෙක්‌ ඇත්ත කිව්වත් කෙනෙකුට එය ඇහෙන්නේ තමන්ට අවශ්‍ය විදිහට වෙන්නත් පුළුවන්. මොකද කතාවක්‌ තියෙනවා ‘මිනිසුන්ට ඇහෙන්නේ මිනිසුන්ට අහන්න අවශ්‍ය දේ පමණි’ කියලා. මම ආයෙත් කියනවා අවුරුදු 12 ක කාලයක්‌ තුළ මම තරගයකදීවත් වැරදි හැසිරීමකට දඬුවම් ලබපු කෙනෙක්‌ නොවන බව. රට වෙනුවෙන් මම කරපු දේවල් ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවේ වාර්තා අතර තියෙනවා. ක්‍රීඩකයෙක්‌ හැටියට ඔය වසර 12 ඇතුළෙ මට තනියම විඳගන්න වුණු සමහරක්‌ දේත් තියෙනවා. ඒ ගැන දන්නේ මම විතරයි. ඒ ඇරෙන්න මට ඒ ගැන කියන්න දෙයක්‌ නැහැ’ යෑයි මාලිංග උක්‌ත කරුණ සම්බන්ධයෙන් සිය අදහස්‌ දක්‌වා සිටියේය.

මේ අතර අයි.පී.එල් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්‌ඩායමේ වෛද්‍ය නිගමනයට අනුව මාලිංග අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ශාරීරික යෝග්‍යතාවකින් යුතු නොවන බවත්, ඒ අනුව ඔහුට මෙවර එම තරගාවලිය අහිමිවන බවත් ඊයේ පස්‌වරුවේ වාර්තා විය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close