Breaking News
Home / Gossip / ලෝක කුසලාන සංචිතයට ෂෙහාන්, ළහිරු, දිනේෂ් ප්‍රශ්නයක් වෙලාලු

ලෝක කුසලාන සංචිතයට ෂෙහාන්, ළහිරු, දිනේෂ් ප්‍රශ්නයක් වෙලාලු

ලබන මස ඉන්දියාවේදී ආරම්භ වන විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා සහභාගිවන ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ස්‌ථාන දෙකක්‌ සදහා තුන් දෙනෙකුගේ නම් යෝජනා වීම හේතුවෙන් අවසන් සංචිතය නම් කිරිම අද (18 දා) දක්‌වා කල් තැබිණි.

ෂෙහාන් ජයසුරිය, ලහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් යන තිදෙනාගෙන් දෙදනෙකු තොරා ගැනිම සම්බන්දයෙන් ඇති වු ප්‍රශ්ණයක්‌ මත අවසන් සංචිතය තොරා ගැනිම ප්‍රමාද වු බව වර්තා වේ.

විස්‌සයි විස්‌ස ලෝක කුසලානයට සහභාගි වන 15 දෙනාම එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා නම් කිරීමට කපිල විඡේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගනු ඇතැයි වර්තා වේ .

විස්‌සයි විස්‌ස ලෝක කුසලාන සංචිතයට නම් කරන ලද ශ්‍රී ලංකා කණ්‌ඩායම පළපුරුදු ක්‍රීඩකයන් බහුතරයකගෙන් සහ නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සමබර කණ්‌ඩායමක්‌ වී ඇතැයි වර්තා වේ.

අවසන් වරට 2014 විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් යළිත් විස්‌සයි විස්‌ස කණ්‌ඩායමට පැමිණ ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇත්තේ විස්‌සයි විස්‌ස තරග නවයකට පමණි.

ශ්‍රී ලංකාවේ පැවැති පන්දුවාර විස්‌සයි විස්‌ස පළාත් තරගාවලියේ තරග හයකදී අර්ධ ශතක තුනක්‌ සමග ලකුණු 189 ක්‌ ලබා ගත් නිරෝෂන් දික්‌වැල්ලද ලෝක කුසලාන සංචිතයට එක්‌ විමට ඉඩ ඇත. ඔහු ඉන්දියාව සමග පැවැති තරග දෙකේදී ලකුණු 4 ක්‌ පමණක්‌ ලබා ගත්තද දේශීය දක්‍ෂතා පදනම් කොට කණ්‌ඩායමට එක්‌කොට ඇති අතර ඒ වෙනුවට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ස්‌ථානය අහිමි වී තිබේ.

පළාත් විස්‌සයි විස්‌ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ෂානක ඉන්දියාව සමග පැවැති තරග තුනේදී දැක්‌වූ දක්‍ෂතාද පදනම් කොට සංචිතයට එක්‌කොට ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්‌තානය සහ ඇෆ්ගනිස්‌ථානය තරග වදින පන්දුවාර විස්‌සයි විස්‌ස ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය ලබන 24 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වේ. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිල ලබන 20 වැනිදා දිවයිනෙන් පිටත්වන අතර අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ ලෝක කුසලාන සඳහා ඉන්දියාව බලා පිටත්වේ.

පසුගියදා ඉන්දියාව සමග පැවැති පන්දුවාර විස්‌සයි විස්‌ස තරග තුනේදී ශ්‍රී ලංකා පිලට එක්‌ නොවූ , ඇන්ජලෝ මැතිව්ස්‌, රංගන හේරත්, නුවන් කුලසේකර ආසියානු කුසලාන සහ ලෝක කුසලාන සංචිතය සඳහා එක්‌කොට තිබේ.

පිතිකරුවන් ලෙස තිලකරත්න ඩිල්ෂාන්, ෂෙහාන් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, චාමර කපුගෙදර, දසුන් ෂානක සහ නිරෝෂන් දික්‌වැල්ල නම් කිරිමට ඉඩ ඇත. අතර ඒ අතරින් චන්දිමාල් සහ නිරෝෂන් දික්‌වැල්ල කඩුලු රකින්නන් ලෙසද අනෙකුත් සියලු ක්‍රීඩකයන් තුන් ඉරියව් පිතිකරුවන් වීම විශේෂත්වයකි.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා සහ නුවන් කුලසේකර ඇතුළත්ව ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස නායක ලසිත් මාලිංග සහ දුෂ්මන්ත චමීර නම් කර තිබේ. දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත්, සචිත්‍ර සේනානායක සහ ජෆ්රි වැන්ඩ්‍රසි නම් කොට ඇතැයි වරතා වේ.

විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට අනුමාන කරන කණ්‌ඩායම

ලසිත් මාලිංග (නායක), ෂෙහාන් ජයසූරිය හෝ ලහිරු තිරිමාන තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, මිලින්ද සිරිවර්ධන, දසුන් ෂානක, රංගන හේරත්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ්‍රසි හෝ කසුන් රාජිත, තිසර පෙරේරා, චාමර කපුගෙදර, නිරෝෂන් දික්‌වැල්ල.

අසේල විතාන – උපුටා ගැනීම දිවයින පත්තරෙන්

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close