Breaking News
Home / Gossip / ලෝක කුසලානය ගැන මාලිංග කතා කරයි

ලෝක කුසලානය ගැන මාලිංග කතා කරයි

ක්‍රිඩකයන් ආබාධිත තත්වයකට පත් වුවහොත් මිස එසේ නොවේනම් එළැඹෙන ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු නොවන බව ‘විස්සයි විස්ස’ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග පවසයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය පැවැත්වෙන මාර්තු 17 වනදා වන විට තමන්ට උපරිම ශාරීරික යෝග්‍යතාවයක් ඇති කර ගත හැකි බවයි ආබාධිත තත්වයක් හේතුවෙන් ආසියානු කුසලානයේ පළමු තරඟයේදී පමණක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පවසන්නේ.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේ වීරයා බවටද පත් වූ ලසිත් මාලිංගට ඉන් පසු පැවති තරඟ තුනම අහිමි වුනේ ඔහුගේ පෙර තිබුණු ආබාධිත තත්වයක් නැවතත් මතු වීම හේතුවෙනි.

තමන් ලෝක කුසලාන පුහුණු තරඟ සඳහා ක්‍රීඩා නොකිරීම ඇතැමුන්ට ගැට‍ළුවක් විය හැකි වුනත් කණ්ඩායමට එය ගැට‍ළුවක් නොවන බවයි මාලිංග පවසන්නේ. තමන්ට ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට සිටින හොඳම ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් බව මාලිංග සඳහන් කළේ ‘ලෝක කුසලානයට තෝරා ගෙන ඇති කණ්ඩායම ගැන සැහීමකට පත් වෙනවාදැයි’ මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close